විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් වාකිෂ්ඨ බොදු සමුළු සභාපති ධූරයට ඉදිරිපත් වෙයි
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් වාකිෂ්ඨ
බොදු සමුළු සභාපති ධූරයට ඉදිරිපත් වෙයි
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ වර්තමානයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් කටයුතු කරන චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඉදිරි නිලවරණයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට ඉදිරිපත්ව සිටී.
ඉදිරි තෙවසර සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිළධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය අප්‍රේල් මස 03 වැනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා සම්මේලනයේ විලියම් ශාලාවේ දී පැවැත්වේ.
නිමල් වාකිෂ්ඨ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය හරහා ක්‍රියාකාරී තරුණ නායකයෙකු ලෙස බොදු මහා සමුළුවට එක්වී වසර 40කට ආසන්න කාලයක් විවිධ නිලතල දරමින් කටයුතු කර ඇත.
බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, සාමග්ගී සංඝ ප්‍රඥප්තිය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විකල්ප යෝජනාවලිය, සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ යෝජනාවලිය , ජාතික පුරාවිද්‍යා උරුම සුරක්ෂා කමිටුව සහ සියවස් සමරු ආදර්ශ ගම්මානය ඉදි කිරීම, ආගමික ශාසනික හා ජාතික වැදගත්කමින් යුතු ව්‍යාපෘතීන්හි සිය වගකීම් ඉටු කරමින් නායකත්වය ලබා දෙමින් බෞද්ධ උරුමය සුරක්ෂා කිරීමට වාකිෂ්ඨ මහතා ඇප කැප වී ක්‍රියා කර තිබේ.
පොලිස් නිළධාරියෙකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිසි ඒ මහතා වර්ෂ 30කට අධික කුරිරු ත්‍රස්ථවාදී යුද්ධය ආරම්භයේ සිට යුධ ජයග්‍රහණය දක්වා සිය පූර්ණ දායකත්වය ලබා දී ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු , රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කීර්තිමත් රාජ්‍ය සේවයක විශ්‍රාමිකයෙකු ද වන වාකිෂ්ඨ මහතා වර්තමානයේ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වශයෙන් කටයුතු කරයි. බොදු මහා සමුළුවේ නායකත්වය සඳහා සුදුසුකම් ඇති උගත් බුද්ධිමත් කාර්යශූර කණ්ඩායමක් සමඟින් ඉදිරි නිලවරණයට ඒ මහතා ඉදිරිපත් වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත