බැඳුම්කර වංචාවට රවී ඇතුළු අටක් රක්ෂිතයට

බැඳුම්කර වංචා චෝදනාවන් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබෙන බවට චෝදනා ගොනු කර තිබේ.
Views
1764
2021-03-17 09:52:59
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්