විමල්ට එරෙහිව රිෂාඩ් CIDයට පැමිණිලි කරයි



අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් 2021 මාර්තු 09 දින සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය , වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.
ල්ලක් භාරදෙන ලදී.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා හිතාමතා සාවද්‍ය චෝදනාවක් සමාජගත කරමින් සිදුකළ කළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනුවත්ව සමාජය නොමගට පෙළඹවීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදුකළ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද හිටපු අමාත්‍යවරයා මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.


අද පෙරවරුවේ අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත රිෂාඩ් බතියුදීන් මහතා විසින් ඊයේ පෙරවරුවේ මෙම පැමිණිල්ල භාර දී තිබේ.

Views
978
2021-03-10 05:27:37
දේශපාලන පුවත්