අභියෝගාත්මක කාලයන්හී සංචාරක ව්‍යාපාර තුල නැගීසිටීම ඇගයිමේ “ප්‍රදාන’” වැඩසටහනේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි
ගුඩ් ලයිෆ් එක්ස් සහ ශ්‍රී ලංකා සංචාරක සන්ධාන හවුල්කාරිත්වය විසින් අභියෝගාත්මක කාලයන්හී සංචාරක ව්‍යාපාර තුල නැගීසිටීම ඇගයිමේ “ප්‍රදාන’” වැඩසටහනේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි
සංචාරක කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා අර්බුදකාරී මොහොතක සංචාරක ව්‍යාපාරය තුල නැගීසිටීම උදෙසා වන “ප්‍රදාන’” වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ 2020 දෙසැම්බරයේ දීය. ගුඩ් ලයිෆ් එක්ස්, ශ්‍රී ලංකා සංචාරක සන්ධානය සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කළේ ජර්මානු ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍යංශය (BMZ) වෙනුවෙන් බර්ලිනයේ නෝවා පදනම සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ-SME අංශ සංවර්ධන වැඩසටහන මගිනි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වත්මන් ගෝලීය අර්බුදය විසින් ඇතිකළ අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ නොවැටී කටයුතු කිරීමට සහාය වීම මෙයින් සිදුකරණ ලදී.
වඩා හොඳින් දියුණු කළ හැකි තත්වයේ පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙම ප්‍රදානයන් කිරීමේ අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සඳහා තෝරා ගැනීමේ නිර්ණායක හඳුන්වාදීම සඳහා දෙපාර්ශවය සමඟ එක්ව මාර්ගගත (Online) සැසියක් පසුගිය දා පවත්වන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයේ නියුතු, අවම වශයෙන් වසර 2 ක් පුරා ක්‍රියාකාරීව සිටීම හා ප්‍රධාන වශයෙන් තිරසාර බවක් පෙන්වා තිබීම මේ සඳහා තෝරාගැනීමේ මූලික නිර්නායකයන් විය.
මෙම වැඩසටහන සඳහා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන්, නවාතැන් සපයන්නන්ගේ සිට, සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගම් සහ සෞඛ්‍ය හා යහපැවැත්ම ඉලක්ක කරගත් ව්‍යාපාර දක්වා පුළුල් ක්ෂේත්‍රයක අයදුම්පත් 300 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණි. කෙටි ලැයිස්තුගත කර ඇති අයදුම්කරුවන් පසුව මණ්ඩලයක් විසින් සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඉන් අනතුරුව ජයග්‍රාහකයින් දස දෙනා තෝරා ගනු ලැබුවේ තිරසාරභාවය සහ නව්‍යකරණයේ මට්ටම සහ ප්‍රදාන තක්සේරුව සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික යෝජනා වලින් නැවත නැගීසිටීමේ හැකියාව පෙන්වීම මත පදනම්වය.
ගුඩ් ලයිෆ් එක්ස් සහ ශ්‍රී ලංකා සංචාරක සන්ධානය සමඟ එක්ව සංචාරක ව්‍යාපාරය තුල නැගීසිටීම සඳහා වන ප්‍රදාන’ වැඩසටහනේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණකි. ජයග්‍රාහකයන් වන්නේ: ප්ලාන්ටේෂන් විලා (පුද්) සමාගම, රාස්කල්ස් කයිට් රිසෝට්, සරායි (පුද්) සමාගම, ලෙපඩ් ට්‍රේල්ස් (පුද්) සමාගම, සර්ෆින් වොම්බැට්ස් (පුද්) සමාගම, සීමාසහිත අහංගම කොලිවිං (පුද්ගලික) සමාගම, නෙෆලිබාටා ට්‍රැවල්ස් (පුද්) සමාගම, හඳුන් විලාස් සහ රෙස්ටූරන්ට්ස්, කැප්ටන් ප්‍රනාන්දු (පුද්) සමාගම සහ එච්.එස්.එච් ආයුර්වේදික් කෙයාර් (පුද්) සමාගම යන ආයතනයන් ය.
මෙම තෝරාගත් ජයග්‍රාහකයින් දසදෙනා අතර ඔවුන්ගේ නව තිරසාර අදහස් ක්‍රියාත්මක කිරීමට උපයෝගී කර ගැනීම සඳහා යුරෝ 50,000 ක සමස්ත මුදල් ප්‍රදානයක් ලෙස බෙදා දෙනු ඇත. මෙය වඩාත් ඔරොත්තු දීමේ හැකියාව සහ පරිසරයට, ප්‍රාදේශීය ප්‍රජාවන් සහ දේශීය සංස්කෘතිය කෙරෙහි කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට උපකාරී වන ලෙසින් යළි ඔවුන් ගේ ව්‍යාපාර පණගැන්විමට උපකාරී වේ. ගෝලීය වෙළඳපල පුළුල් කරගැනිමට හා නව ආකර්ශනයක් ලබා ගැනිමට මෙම ව්‍යාපාරයන්ට අවස්ථාව ලබා දීමට ද මෙම වැඩසටහන තව දුරටත් අදහස් කරයි.