අද කොටස් ගනුදෙනු දෙවරක් නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින දෙවතාවක් අත්හිටුවනු ලැබීය.
මේ අනුව අද පෙරවරු 11.45 ට සහ පස්වරු 12.18 ට මෙසේ දෙවරක් කොටස් ගනුදෙනු අත්හිටුවනු ලැබීය.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව සියයට 5 ක් සහ සියයට 7.50 ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී එම දර්ශක අගය සියයට 8.13 කින් පහළ ගොස් තිබුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් නැවත වතාවක් අද පස්වරු 12.48 ට වෙලෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන බව කියා සිටියේය.
ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 500.29 ක විශාල කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 250.92 කින් පහළ ගොස් තිබුණි.

Views
2118
2021-02-11 09:13:06
ජනප්‍රිය පුවත්