ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝහි ස්ථිර රාජත්‍රාන්ත්‍රික නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම වැඩ භාර ගනී

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝහි ස්ථිර රාජත්‍රාන්ත්‍රික නියෝජිත ලෙස වැඩ භාර ගැනීම පසුගිය දා ප්‍රංශයේ පැරිසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිදු විය.

එදින ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය විසින් තානාපති කාර්යාල පරිශ්‍රයේදී සිදු කළ අතර ඉන් පසු ශ්‍රී ලංකා ජාතික ගීය ගායනය කිරීම ද සිදු විය. ඉන් පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාව පවත්වා රණවිරුවන් සිහිකරමින් ඔවුනට ගෞරවාචාර පුදකළ අතර, සාම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දැල්වීම ද නව තානාපතිවරිය සහ කාර්ය මණ්ඩලය මහජන සේවකයින් ලෙස සේවා දිවුරුම් ප්‍රකාශය කියවීම ද සිදු කළහ.

මෙහිදී කතා කළ නව තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය තානාපති කාර්යමණ්ඩලයේ සහයෝගයට ස්තුතිය ප්‍රකාශ කළ අතර ජනාධිපතිතුමාගේ දැක්ම සඵල කර ගැනීම සඳහා ප්‍රංශ ජනරජය සමග ආර්ථික සහ සමාජ සම්බන්ධතා තර කිරීමේ වැදගත්කම ගැන සැමට අවධාරණය කර සිටියාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
1223
2021-01-18 07:21:47
ජනප්‍රිය පුවත්