ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 76 දෙනෙකුට උපාධි සහතික


ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 2020 උපාධි ප්‍රදානෝත්සවය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරා අතින් සමාජ වැඩ පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ 76 දෙනෙකුට උපාධි සහතික පිරිනැමීම සිදු විය. මීට අමතරව ක්ෂේත්‍ර තුනක් ඔස්සේ දක්ෂතා පළ කළ පස් දෙනෙකු වෙනුවෙන් විශේෂ සම්මාන පහක් ද මෙහි දී පිරිනැමිණ. උත්සවයේ ප්‍රධාන දේශනය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩල සභික, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් පවත්වන ලදී.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



Views
98
2021-01-12 05:16:51
ජනප්‍රිය පුවත්