අඩු පොළී අනුපාත නිසා කොටස් වෙළෙදපොළට මුදල් ගලා එන ප්‍රවණතාවක් තියෙනවා - රජීව බණ්ඩාරනායක
අඩු පොළී අනුපාතිකයක් පවතින වාතාවරණයක, ආයෝජකයන් ස්ථාවර තැන්පතුවල මුදල් යොදවන්නේ නැතුව, ඒ මුදල් කොටස් වෙළෙඳපොළට යෙදවීමේ ප්‍රවණතාවයක් දකින්න ලැබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි.

කොටස් වෙළෙඳපොළට දැන් ඇවිල්ලා තියෙන මුදල් සම්බන්ධයෙක් කතා කරන විට ප්‍රධාන වශයෙන් මේ පොළී අනුපාතික ඉතා අඩු මට්ටමක පවතින නිසා කොටස් වෙළෙඳපොළට මෙලෙස මුදල් ගලා ඒමට එය එක් හේතුවක් ලෙස දැක්විය හැකි බව ද ඒ මහතා කීවේය.

තවත් හේතුවක් තමයි මේ කාලයේ දී ආනයන සඳහා විවිධා සීමා පනවලා තියෙනවා. සමහර විට ඒ අනයනවලට යොදවන මුදලුත් කොටස් වෙළෙඳපොළේ යෙදවීමට ඉඩකඩ තිබෙනවා යයි ද ඒ මහතා කීවේය.


කොළඹ කොටස් වෙළෙඳපොළ මේ දිනවල ඉතා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරමින් සිටී. එසේම ඉතා ඉහළ දෛනික පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි. මෙම වසරේ ආරම්භක ගනුදෙනු දිනය වූ ජනවාරි 04 දින රු. බිලියන 4.96 ක පිරිවැටුමක් වාර්තා වූ අතර ජනවාරි 05 සහ 06 යන දෙදින තුළ පිළිවෙලින් රු. බිලියන 6.18 ක් හා රු. බිලියන 7.15 ක් ලෙස දෛනික පිරිවැටුමේ ක්‍රමික වැඩිවීමක් සිදුව තිබේ. එසේම ජනවාරි 07 දින ගනුදෙනු හරහා වාර්තා වූ පිරිවැටුම රු. බිලියන 9.14 ක විශාල අගයක් ද විය. එසේම ජනවාරි 08 දිනය තුළ දී ද රු. බිලියන 6.16 ක පිරිවැටුමක් දෛනික ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු බව ද ඒ මහතා කීවේය.
මෙයාකාරයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම සීඝ්‍රයෙන් ඉහළ යාම සහ කොටස් වෙළෙඳපොළට අලුතෙන් මුදල් ගලා ඒමක් සිදුවූවා නම් එම මුදල් ගලා ආවේ කෙසේ ද යන්න ගැන කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාගෙන් මාධ්‍යට අදහස් දක්වා තිබිණි.

Views
1
2021-01-11 05:48:07
ව්‍යාපාර පුවත්
අඩු පොළී අනුපාත නිසා කොටස් වෙළෙදපොළට මුදල් ගලා එන ප්‍රවණතාවක් තියෙනවා - රජීව බණ්ඩාරනායක
BOI නව අධ්‍යක්ෂක ජනරාල් පසන් වනිගසේකර
ඉඩම් ලියාපදිචිය ඩිජිටල්කරණය කරයි
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල 14 වැනිදා ජනපති අතින් විවෘත වෙයි
BOI නව අධ්‍යක්ෂක ජනරාල් පසන් වනිගසේකර
නුෂාඩ් පෙරේරා සතොසෙන් ඉවතට
සතොසට සහ ලක්සතොසට නව සභාපතිවරු
26 කොළඹ සහ ගම්පහටත් ඇදිරිය ලිහිල් කරයි
ජනප්‍රිය පුවත්
සංචාරක කර්මාන්තයට රට විවෘත කිරීමට රජය ගත් ගත් තීරණය සංචාරක සංගම අගය කරයි
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 21 වන දා සිට ගුවන්තොටුපල විවෘත කරනවා - සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග
BOI නව අධ්‍යක්ෂක ජනරාල් පසන් වනිගසේකර
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හෙට ඇරඹේ
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල 14 වැනිදා ජනපති අතින් විවෘත වෙයි
Views
47
2021-01-11 05:53:55
ජනප්‍රිය පුවත්