අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල 14 වැනිදා ජනපති අතින් විවෘත වෙයි
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන සංකීර්ණයේ පළමු අදිරය විවෘත කිරීම මේ මස 14 වැනිදා හොරණ වගවත්ත යෝජනා මණ්ඩල කාර්මික කලාපයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබයි.

ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම මගින් පිහිටුවන මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සදහා ආයෝජනය කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන සියයකි.

එසේම දෙවන අදියර ද ඇතුළත් මෙම ටයර් නිෂ්පාදන සංකීර්ණයේ මුළු ඇස්තමේන්තුගත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කි.

අක්කර 155 ක පිහිටි මෙම විශාල කර්මාන්ත පරිශ්‍රය මගින් ප්‍රධාන වශයෙන් අපනයනය ඉලක්ක කරගෙන මෙරට දී ටයර් නිපදවීම සිදු කරනු ලබයි.

මේ අනුව දේශීයව මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන ටයර් නිෂ්පාදනයෙන් සියයට 80 ක්ම අපනයනය සදහා නිපදවේ.

මේ ටයර් ෆෙරෙන්ටිනෝ (ferentino) නම් වෙළෙද නාමයෙන් ලෝක වෙළෙදපොළට නිකුත් වීමට නියමිතය.

මේ පළමු අදියරේ දී මෝටර් සයිකල් ,ස්කුටර් ,ත්‍රී රෝද රථ , ට්‍රක් රථ සහ බස් රථ ටයර් ඇතුළු ටයර් වර්ග රැසක් නිපදවීමට නියමිතව ඇත.

ෆෙරෙන්ටිනෝ ටයර් ලෝක වෙළෙදපොළට නිකුත් වීමත් සමග රටේ අපනයන ආදායම් වැඩිවීම සහ සමාජයේ ස්ථර ගණනාවකට පුළුල් පරාසයකින් ආර්ථික ප්‍රතිලාභ බෙදීයාම සිදු වන බව ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම පවසයි.



Views
69
2021-01-10 07:28:48
ජනප්‍රිය පුවත්