BOI නව අධ්‍යක්ෂක ජනරාල් පසන් වනිගසේකර



ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කළ පසන් වනිගසේකර මහතා අද (07) නව තනතුරේ රාජකාරී ආරම්භ කළේය.

පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රීයාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බව වැඩ භාර ගැනීමෙන් පසු කතා කළ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.
ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියලුම රටවල් සමග ජාත්‍යන්තරව තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම තමාගේ දැක්ම හා අපේක්ෂාව බව ද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් වනිගසේකර මහතා පැවසීය.
වර්තමාන සභාපති සංජය මොහොට්ටාල මහතාගේ මුලපිරීමෙන් දියත් කෙරුණු "බහු විධ කවුළුව" සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පරිවර්තන පියවර කඩිනම් කිරිමට ඔහු විසින් ප්‍රතිඥා දෙන ලදී.
ආයෝජන මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කීපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර ඇත.
මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ නව අධ්‍යක්ෂක ජෙනරාල් පසන් වනිගසේකර මහතා වැඩ භාර ගත් අයුරුයි., සභාපති, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා සහ, මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ මංජුල කීර්තිරත්න මහතා ද පසෙකින් සිටී.
Views
72
2021-01-07 08:41:58
ජනප්‍රිය පුවත්