ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හෙට ඇරඹේ


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනවාරි 5 - 7 දිනයන්හිදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට ඒ මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සහ ශ්‍රී ලංකා නායකත්වය සමඟ සියලු ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇත.
මෙය 2021 වර්ෂයේදී විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් සිදු කරන පළමු සංචාරය වන අතර විදේශ නායකයකු විසින් නව වසරේ සිදු කරනු ලබන පළමු ශ්‍රී ලංකා සංචාරයද වේ. මේ අනුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍රයන්හි සමීප සහ සුහද සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරටම ලබා දෙන ප්‍රමුඛත්වය මෙතුළින් පිළිඹිබු වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත


Views
61
2021-01-04 07:41:00
Diplomatic News
ජනප්‍රිය පුවත්