සංචාරක කර්මාන්තයට රට විවෘත කිරීමට රජය ගත් ගත් තීරණය සංචාරක සංගම අගය කරයි
සංචාරක කර්මාන්තයට රට විවෘත කිරීමට රජය ගත් ගත් තීරණයට ස්තුතිවන්ත වන බවත් ඉදිරි වසර කිහිපය තුළ රට වෙනුවෙන් අංක එකේ විදේශ විනිමය උපයන්නෙකු බවට පත් කිරීම සදහා සංචාරක ඇමතිවරයාගේ මගපෙන්වීම යටතේ එකට වැඩ කිරීමට බලාපොරොත්තු වෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවිධායකවරුන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.
දැනට ක්‍රියාත්මක සංචාරක නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු ඇති බව පිළිගන්නා බවත් එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් සියලු පාර්ශවයන් එක් වී මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුව ඇති බව ද වීරසිංහ මහතා කීවේය.
කොළඹ රමාඩා හෝටලයේ දී අද (04 ) දවල් පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සංචාරක කර්මාන්තයට රට විවෘත කිරීමට රජය ගත් ගත් තීරණය සමග සංචාරක සංගම් සියල්ල එක වී සිටින බව මෙවැනි තීරණයකට පැමිණ ඇත්තේ පුළුල් සංවාදයකින් පසුව සංචාරක බුබුළු සංකල්පය යටතේ වඩාත් ආරක්ෂිතව මෙය සිදු කිරීමට බව ද වීරසිංහ මහතා කීවේය.
කොවිඩ් වසංගත තත්වය නිසා 2020 මාර්තු අග සිට මෙරටට සංචාරකයන් පැමිණීම නතර වීමෙන් සංචාරක කර්මාන්තයේ නිරත පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා ලක්ෂ ගණනකට අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වූ බව ද ඒ මහතා කීවේය.
විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම සදහා අනෙකුත් අමාත්‍යාංශවල සහාය ලබා ගැනීම සදහා සිය නිලධාරීන් සමග වෙහෙස නොබලා කටයුතු කළ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ මෙහෙය අගය කරන බව තිලක් වීරසිංහ මහතා කීවේය.
මේ මාධ්‍ය හමුවට සංචාරක සංගම් රැසක නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියහ.
ජායාරූපයෙන් දැක්වෙන්නේ තිලක් වීරසිංහ මහතා මාධ්‍ය හමුව ඇමතු අයුරුයි.

Views
337
2021-01-04 07:21:54
සංචාරක පුවත්
ජනප්‍රිය පුවත්