මුදල් රාජ්‍ය ඇමති කබ්රාල් රාජකාරි අරඹයි

මුදල් හා ප්‍රග්ධන වෙළෙදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14 ) උදේ 10.00 ට පමණ මුදල් අමාත්‍යංශයේ දී සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේය.
හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ද වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට පත් විය.
ජායාරූපයෙන් දැක්වෙන්නේ කබ්රාල් මහතා සිය අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළ අයුරුයි.මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ද ජායාරූ පයේ සිටී.
Views
494
2020-08-14 06:49:58
ආර්ථික පුවත්