කොළඹ ව්‍යාපාරික සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වේ



කොළඹ ව්‍යාපාරික සංගමයේ සිව්වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සිකුරාදා (26 ) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති අතර එහිදී සංගමයේ නව නිලධාරී මණ්ඩලය ද ප්‍රකාශයට පත් කරන ලදී.
කොළඹ ව්‍යාපාරික සංගමයේ නව සභාපතිවරයා වශයෙන් මාස්ටර් කිමිදුම්කරුවන්ගේ සහ පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පත්ව ඇති අතර සංගමය සදහා තේරී පත්ව ඇති සෙසු නිලධාරී මණ්ඩලය මෙසේය.

සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස චමින්ද විදානගමගේ, භාණ්ඩාගාරික ලෙස මහේෂ් අලවත්ත, ජාතික සංවිධායක ලෙස එම්.එස්.ඒ.මුනීර්, ජෙෂ්ඨ උප සභාපති ලෙස ධම්මික සමරවික්‍රම, උප සභාපති ලෙස සුරන්ජිත් ස්වාරිස්, සහකාර ලේකම් ලෙස මුජිත මයුරන්ත්, සහකාර භාණ්ඩාගාරික ලෙස දුමිඳු වික්‍රමාරච්චි, නීති උපදේශක ලෙස ජෙෂ්ඨ නීතිඥ සහ නිල නොලත් මහේස්ත්‍රාත් තුසිත ගුණසේකර යන මහත්වරු පත්ව ඇත.
කොළඹ ව්‍යාපාරික සංගමයේ ව්‍යාපෘති සභාපතිවරුන් ලෙස බී.කේ.එන්. රොඩ්රිගෝ ( දේශීය කුෂිකාර්මික අංශය) එච්.පී.පී. පතිරණ( දේශීය ව්‍යවසායක අංශය) එස් . මහේන්ද්‍රන් ( දේශීය සංචාරක අංශය) ශමීර් පටෙල් (තොරතුරු තාක්ෂණ අංශය) එච්. එම. කේ. අයි. නිර්මාන බණ්ඩාර (ජාත්‍යන්තර වෙළඳ අංශය ) ,නාරද වේරගල (පරිසර ආරක්‍ෂිත අංශය) යන මහත්වරු පත්ව ඇත.
එසේම සංගමයේ අනුශාෂක මණ්ඩලය ලෙස ආචාර්ය දෙශ්මාන්‍ය ජයන්ත ධර්මදාස (සභාපති - නවලෝක හෝල්ඩින්ග්ස් සමාගම ) චන්ද්‍ර ෂාෆ්ටර්
සභාපති සහ නිර්මාතෘ ( ජනශක්ති රක්ෂණ සමාගම සමූහය) ආචාර්ය ඒ.ආර්.එම්. ජෙෆ්රි (සභාපති සහ නිර්මාතෘ ජෙෆ්රි මැණික් සහ ස්වර්ණාභරණ සහ ග්‍රීන්ලන්ඩ් දේපල සංවර්ධකයින්) ,ගනේෂ් දේවානායගම් (සභාපති - ඊස්වරන් බ්‍රදර්ස් පුද්ගලික සමාගම) සහ ආචාර්ය ඩී. වෙන්කටිශ්වරන් (කොළඹ ව්‍යාපාරික සංගමයේ හිටපු සභාපති ) යන මහත්වරු සහ සංගමයේ උපදේශක මණ්ඩලය ලෙස මහාචාර්ය ධම්ම දිසානායක, මහාචාර්ය ඩී.ඒ.සී සුරංග සිල්වා, ආචාර්ය වින්සන් මර්වින් ප්‍රනාන්දු සහ අබ්බාස් කම්රුදීන් (සභාපති,තොරතුරු තාක්‍ෂණ සම්මේලනය) යන මහත්වරු ද තෝරා පත් කරගෙන තිබේ.




Views
244
2020-06-28 07:04:25