ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණ පීඨය 08 වැනිදා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (8) උදේ 10.00ට හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේදී විවෘත කෙරේ.

හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක මෙම තාක්ෂණ පීඨය ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ වේ.

මෙය මෙරට ඉදිවූ ප්‍රථම අංග සම්පූර්ණ තාක්ෂණ පීඨය වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියෝ ද, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාතී වෙති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
279
2020-06-04 20:41:06