සංක්‍රමණික සේවකයන් සදහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට විශේෂඥ කමිටුවක්




සංක්‍රමණික සේවකයන් සදහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර ඇත.

මේ සදහා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙන්ම ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති එච්.ඩී කරුණාරත්න මහතා එම කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය බිලේෂ් වීරරත්න, හිටපු මහ බැංකු සහකාර අධිපති ඩී. වසන්ත, අමාත්‍යංශ අතිරේක ලේකම් යමුනා පෙරේරා සහ විජය උඳුපිටිය යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
Views
240
2020-05-18 10:11:17