මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල සදුදා සිට යළි සේවයට පැමිණේ - වැඩ බලන්න ගාමිණී සෙනරත් පත් කළ කතාව බොරුවක්



මුදල් අමාත්‍යාංශයේ සහ මහභාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා ලබන සඳුදා (18 ) සිට යළි සේවයට වාර්තා කිරීමට නියමිතය.

මේ දිනවල තරමක අසනීප තත්වයෙන් පසු වන ආටිගල මහතා මහතා වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටී.

මේ අනුව ලබන සඳුදා සිට ඔහු නැවත සේවයට වාර්තා කරන අතර මේ දිනවල ද ඔහු නිවසේ සිටම ඇතැම් රාජකාරී ආවරණය කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර මුදල් අමාත්‍යංශයේ සහ මහාභාණ්ඩාගාරයේ වැඩබලන ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත් කළ බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇති අතර එම පුවත සමාජ මාධ්‍ය ජාලවල ද පැතිර යමින් තිබේ. මේ ගැන කළ විමසුමකදී එය අසත්‍ය පුවතක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග 'දිවයින' ට තහවුරු කළේය.

මීට පෙර ද ආටිගල මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වීමට යන බවට වන අසත්‍ය පුවතක් ඇතැම් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබිණි.


Views
181
2020-05-13 07:15:10
කාලීන පුවත්