රධාන පුවත දරුවන් එංගලන්තයේ සිට පැමිණි බවට කරන ප්‍රචාරය අසත්‍යයක් - හිටපු මහ බැංකු අධිපති සහ අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්
තම දරුවන් පසුගිය මැයි 04 දින එංගලන්තයේ සිට මෙරටට නොපැමිණි බවත් එසේ පැමිණි බවට ඇතැමුන් කරන ප්‍රචාරය අසත්‍යයක් බවත් හිටපු මහ බැංකු අධිපති සහ අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

තමාගේ දරුවන් දෙදෙනා 04 වැනිදා එංගලන්තයේ සිට පැමිණ ගුවන්තොටුපලේදී අයුතු ලෙස හැසිරි ඇතැයි යනුවෙන් වෙබ් සමාජ මාධ්‍ය ජාලයක සහ තවත් අයෙක් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරයක් කර ඇති බවද එම තොරතුරු අසත්‍යත් බව ද ඒ මහතා කියයි.

එවැනි බොරු ප්‍රචාර තමා තරයේ හෙළා දකින බවද කබ්රාල් මහතා පවසයි.
Views
328
2020-05-06 08:29:28
දේශපාලන පුවත්