ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස් වේ



ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චාන්දනී වේරපිටිය මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ගිය සිකුරාදා ( 17) ඇය සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.

පුද්ගලික හේතු මත තමා ඉල්ලා අස් වන බව ඇය ඉල්ලා අස් වීමට හේතුව වශයෙන් සදහන් කර ඇති බවද වාර්තා වේ.
Views
664
2020-01-20 10:21:53
කාලීන පුවත්