රජයේ ණය සහන පැකේජය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට විශාල සහනයක්


- කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ධම්මික සමරවික්‍රම

රජය ප්‍රකාශයට පත් කළ ණය සහන පැකේජය මුල්‍ය දුෂ්කරතාවන්ට පත්ව සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විශාල ශක්තියක් බව බවද කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිධම්මික සමරවික්‍රම මහතා පැවසීය.
මෙය ඔවුන්ට ව්‍යාපාර කටයුතුවලට නැවත වැඩියෙන් යොමු වීමට හේතුවක් බවද ඔහු කීවේය.
පසුගිය රජය යටතේ ව්‍යාපාරික ප්‍රජාවට විශාල බදු බරක් පැටවූවා. මේ නිසා පීඩාවටත්, අසරණභාවයටත් පත්වූ බොහෝ සුළු හා මධ්‍යමපරිමාණ ව්‍යාපාරිකයින් ව්‍යාපාරවලින් ඈත්වුණා.ඇතැම් අය ව්‍යාපාර වසා දැම්මා. ඒ නිසා ආර්ථිකයේත් බිඳවැටීමක් සිදුවූ ඇත්තටම පසුගිය කාලයේ ව්‍යාපාරසතුටින් පවත්වාගෙන යාමට බොහෝදෙනෙකුට නොහැකිවුණේ පැවැති රජය ලොකු සැලකිල්ලක් මේ රටේකුඩා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙතනොදැක්වූ නිසයි. ඔවුන් නිතරම කල්පනා කළේ කෝටිපති “බ්ලු ටයි” පැලැන්තියේ උවමනාවන් ඉෂ්ටකිරීමටයි. ඒ නිසා බිම්මට්ටමේ සිටින පුංචි මිනිස්සුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් ගැන, ඒවායින් සමස්ථයක් ලෙස රටේම ආර්ථිකයට නැතිනම්ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය ගැන එතරම් පසුගිය රජය උනන්දුවක් දැක්වූවේ නැහැ. අනිත් පැත්තෙන් මේ අයටවිශාල බදු බරක් පැටවූවා. මේ නිසා පීඩාවටත්, අසරණභාවයටත් පත්වූ බොහෝ දෙනා ව්‍යාපාරවලින් ඈත්වුණා. එසේම ඇතැම් අයට ව්‍යාපාරවසා දැමීමටත් සිදු වූ බවද සමරවික්‍රම මහතා කීවේය. විශාල ලෙස බදු බරක් කුඩා ව්‍යාපාරිකයින්ගේපටන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයිටත් පැටවී තිබුණා. එය ව්‍යාපාර පවත්වාගෙන යෑමටබාධාවක් වුණා. විශාල වශයෙන් බදු බරක් පැටවීම නිසා, ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභකොටස අඩුවුණා. ඒවාගේම ඇතැම්විට අමුද්‍රව්‍ය, සේවක පඩිනඩි,විදුලිබිල් වාගේ වියදම් ඉහළ ගියා. ඒ නිසා මේ සියල්ල වැයකොට තමන්ගේ කාලයත් වැයකොට අන්තිමටලබන ලාභය අඩුවූ නිසා ව්‍යාපාර ඉදිරියට කරගෙනයෑමට ව්‍යාපාරිකයෝ මන්දෝත්සාහි වුණා. ඒනිසා එකින් එක ව්‍යාපාර වසා දමා නිකරුණේ කාලය ගතකරන තැනට ව්‍යාපාරිකයෝ තල්ලු වුණා.ඒ තමයි බලයට පත්වී සතියක් ගතවීමට මත්තෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා, ඒ වගේම අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂමහතා නව ඇමැති මණ්ඩලය පත්කිරීමේ පටන් විද්‍යානුකූලව කටයුතු කළේ. එතුමන්ලා අපේ රටේ ආර්ථිකයබිඳ වැටී තිබෙන අයුරු හොඳින් අධ්‍යයනය කොට එයින් වැළකීමට ගත යුතු කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන යෝජනා මැතිවරණයටපෙරත් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ජාතික ආර්ථිකයේ දියුණුවට ගාමක බලවේගයක් වන සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙන් හඳුනාගෙන ඒ සඳහා එහි දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ගකඩිනමින් ගැනීමට වෙනමම අමාත්‍යාංශයක් නව රජයේ පහළොවකට සීමා වූ ඇමැති මණ්ඩලය තුළ පවාඇති කළේ. ඉන් අනතුරුව ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් දැඩිව පීඩාවට පත් කළ සියයට 15 ක් වූ වැට් බද්ද සියයට 8 අඩු කළා.සියයට 2 ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද මුළුමනින්ම අහෝසි කළා. ඒ වගේම මාසික පිරිවැටුමරුපියල් මිලියනයක් වූ විට අයකරන බදු සීමාව මිලියන විසිපහක් දක්වා වැඩි කළා. දේශීය කර්මාන්තවලටබලපාන බදු නොවන බාධා බොහෝමයක් ඉවත් කළා. ඒ වගේම දේශීය ව්‍යවසායක සංවර්ධනයට මුලපුරනයෝජනා ඉදිරිපත් කළා. අපේ රටේ පුංචි මිනිස්සුන්ගේ එදිනෙදාව්‍යාපාරයේ පටන් මහා පරිමාණ ව්‍යාපාර දක්වා යළි පණගැන්වීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්මගන්නා බවට විශ්වාසයක් ගොඩනැගීම ඉතා වැදගත් . රට තුළ දේශපාලන ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත බවට ජනතාවට, ආයෝජකයින්ට විශේෂයෙන් විදේශීය ආයෝජකයින්ටදැනෙන්නට ඕනෑ. මේ දේ සිදුවීම ජනාධිපතිවරණයෙන්පසු අපේ රටේ සිදුවූ විශාලතම කාර්යයක් බවද රජය පෙරේදා (09) ප්‍රකාශයට පත් කළ ණය සහනපැකේජය තම ව්‍යාපාරික ප්‍රජාවට විශාල සහනයක් බවද කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේසංගමයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා තවදුරටත් ‘දිවයින’ ට කීවේය. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩිකර ගැනීම සඳහාආනයන ආදේශන කර්මාන්ත ජාලයක් බිහිකිරීමෙන් සහ දේශීය ව්‍යවසායකයා බලගැන්වූ අපනයන අභිමුඛකර්මාන්තකරණයක් ඇතිකිරීමෙන් හැකිවන බව ද ධම්මිකසමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.මෙරට නිපදවිය හැකි භාණ්ඩ හා සේවා පිටරටින් ගෙන්වන්නේ නම් ඒවා සඳහා සෙස්බද්දක් අයකොට ආනයන අධෛර්යට පත්කිරීමට පියවර ගන්නැයි තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවදපවසන ධම්මික සමරවික්‍රම මහතා බලයට පැමිණ සතියක් ගතවීමට මත්තෙන් දේශීය කර්මාන්තකරුවන්නඟාසිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ගනු ලැබූ තීන්දු තීරණ අගය කරන බවද කියා කීවේය.
--
Views
343
2020-01-13 09:07:47