රන්ජන්ට ඇප ලැබේ

අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහුට ඇප හිමි විය.

අද පස්වරුවේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අධිකරණය මඟින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවස ඊයේ දිනයේ දී කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමක් සිදුකරනු ලැබුවේය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊට අමතරව ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනි අවියක් එම සජීවි පතරොම් 127ක් සහ සැක කටයුතුලේඛන කිහිපයක් ද මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

අදාළ දේපල සහභාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රීකොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
Views
294
2020-01-05 07:07:29
කාලීන පුවත්