අත්අඩංගුවට ගත් පාඨලී චම්පික රණවක උසාවි ගෙනෙයි


කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන පැමිණ ඇති බව වාර්තා වේ.

පාඨලිී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (18 දා) අත්අඩංගුවට ගත්තේය. 2016 පෙබරවාරි 28 දා රාත‍්‍රී රාජගිරිය ප‍්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශන සලකා බැලූ නීතිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබිණි.
Views
126
2019-12-19 00:37:23