ජනාධිපතිවරණය ප‍්‍රචාරක වැඩ අද රාති‍්‍රයෙන් අවසන් වේ




ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අද (13 දා) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වෙයි.

ඡුන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර ප‍්‍රචාරක කටයුතු අවසන් වන බවටත්, එම පැය 48 ක කාලය නිහඬ කාල සීමාවක් බවට පත් විය යුතු බවටත් මැතිවරණ නීතියෙහි සඳහන්ය.

ඒ අනුව හෙට (14 දා) හා අනිද්දා (15 දා) කිසිදු ප‍්‍රචාරක කටයුත්තක් සිදු නොවන නිහඬ කාල සීමාවක් විය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ ප‍්‍රදර්ශනය කර ඇති සියලූම පෝස්ටර්, කටවුට්, බැනර්, ධජ, පතාක පක්ෂ සලකුණු ආදිය අද මධ්‍යම රාති‍්‍රයෙන් පසුව ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

එමෙන්ම ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පිහිටු වූ සියලූ අපේක්ෂක ප‍්‍රචාරක කාර්යාල එම පක්ෂ විසින් ඉවත් කර නොමැති නම් හෙට (14) සිට ගලවා ඉවත් කරන ලෙස ද කොමිසම පොලිසියට දැනුම්දී ඇත. අපේක්ෂකයකුට ඡුන්ද කොට්ඨාසයක් සඳහා එක් පක්ෂ කාර්යාලයක් පමණක් පවත්වාගෙන යෑමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප‍්‍රචාරක කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව කි‍්‍රයා කරන ලෙස ද මැතිවරණ කොමිසම පොලිසියට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
Views
84
2019-11-12 22:17:45
ජනප්‍රිය පුවත්