‘ යහපාලන රජයේ ආර්ථික ශේෂ පත්‍රය’ ජනගත කෙරේ


මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් පිළිගත් ප්‍රධාන ආර්ථික දර්ශක ගණනාවක් ඇසුරින් වර්ෂ 2015 සිට 2019 වර්ෂයේ මේ දක්වා කාලය තුළ යහපාලන රජයේ ආර්ථික ක්‍රියාකාරිත්වය විමසා බලමින් රචනා කරන ලද ‘ යහපාලන රජයේ ආර්ථික ශේෂ පත්‍රය’ නම් වූ නවතම ග්‍රන්ථය ජනගත කිරීම පසුගියදා ( නොවැම්බර් මස 07 ) දින සවස 3.00 ට බොරැල්ලේ එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

මෙම ග්‍රන්ථය පිළිබද ප්‍රධාන දෙසුම පවත්වනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න මහතා විසින් වන අතර විශේෂ ආරාධිත දේශනය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පවත්වන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය වෙනුවෙන් හිටපු අධ්‍යාපන ඇමති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අදහස් දක්වන ලද අතර හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ඇතුළු තවත් විද්වතුන් කිහිප දෙනෙක් ද මෙහිදී කෙටි දෙසුම් පවත්වනු ලැබුහ.
Views
113
2019-11-12 14:22:25
ජනප්‍රිය පුවත්