‘හෙළයේ මහා සම්මුතිය’ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට පිළිගැන්වේ



කොළඹ ව්‍යාපාරික සංගමය රට පුරා පිහිටි ව්‍යාපාරික සංගම 39 ක් සමග හෙළයේ මහා සම්මුතිය නමින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (06) කොළඹ 02 , ආරක්ෂක සේවා විද්‍යාලයේදී සිදු විය.මේ අවස්ථාවට ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සෞඛ්‍ය ඇමති ඇමති රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් , ව්‍යාපාරික ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා, කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී.වෙන්කටේෂ්වරන් සහ එම සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.ජයාරුපයෙන් දැක්වෙන්නේ එම හෙළයේ මහා සම්මුතිය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට පිළිගැන්වීමෙන් පසු ඔවුන් එය කියවූ අයුරු සහ උත්සවය ආරම්භ කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තන් සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල් වූ අයුරුයි
Views
242
2019-10-06 14:59:42
ජනප්‍රිය පුවත්