ඝෝඨාභය රාජපක්ෂ හෙට පොහොට්ටුව ලකුණින් නාම යෝජනා භාර දෙනවා - මහින්ද රාජපක්ෂ


ඝෝඨාභය රාජපක්ෂ මහතා හෙට (07) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් පොහොට්ටුව ලකුණින් නාම යෝජනා භාර දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.

ඝෝඨාභය රාජපක්ෂ මහතා අද (06 ) උදේ 9.30 ට පමණ සිය මිරිහාන නිවසේදී නාමයෝජනා පත්‍රයට අත්සන් කළේය.

ඝෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දෙන්නේ අනිවාර්යෙන්ම පොහොට්ටුව ලකුණින් බවත් එය ජයග්‍රාහී ලකුණක් බවත් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උදේ ඝෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් පසු මාධයවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

තමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මුණ ගැසුණු අතර එහිදී සාමාන්‍ය කරුණු සාකච්ජා කළ බවත් ඒ අනුව පොහොට්ටුව ලකුණ ගැන ගැටළුවක් නොමැති බවත් පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දැන් පොහොට්ටුව ලකුණ වෙනස් කළොත් නීතිමය ගැටළුවක් ඇති වන බව ඔවුන් ද තේරුම් ගෙන සිටින බවයි.

එක පාරක් එක ලකුණකින් අපේක්ෂකත්වය සදහා ඇප බැදල තියෙන අවස්තාවක වෙනත් ලකුණකින් නාම යෝජනා භාර දීම උසාවි යාමට තුඩු දිය හැකි කරුණක් බවද මේ ආණ්ඩුව අපිව අරගෙන යන්නේ උසාවිම බවද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

තව පොඩ්ඩෙන් අපේ අපේක්ෂකයා කල්ලතෝනියෙක් කරන්නනේ හැදුවේ.එකනේ කරන්න හැදුවේ.අපි පොහොට්ටුව ලකුණින් යනවා.පොහොට්ටුව ලකුණ ජයග්‍රහණය කරනවා.ඒ වගේම දැන් රටටම පේන්න පොහොට්ටුවක් තියෙනවා. ඒ අනුව ඝෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දෙන්න සුදානම්.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය අපට දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා බොහොම පැහැදිලිව කියල තියෙනවා.

Views
137
2019-10-06 11:31:03
ජනප්‍රිය පුවත්