ශ්‍රීලනිප පාක්ෂිකයෝ දැන් ගම මට්ටමින් පොහොට්ටුවට සහාය දෙනවා - ඉන්දික අනුරුද්ධ

ගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දය දුන් සියලු දෙනා දැන් අපේ ගම මට්ටමේ රැස්වීම්වලට සහභාගි වෙන බවත් ඒ නිසා ඒ පක්ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔවුන් පමණක් බව ශ්‍රීලනිපයේ නායකයන් දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

අපි සියලු දෙනා මේ වෙනකොට ගම්වල ක්‍රියාත්මක වෙනවා.ඒ අනුව ගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්දය දීල තියෙන සියලු දෙනා දැන් අපේ ගම මට්ටමේ රැස්වීම් වල ඉන්නවා.ඒ නිසා අද ඔය ශ්‍රීලනිපයේ නායකයන්ට ලේකම්වරු කියන අයට දැනිල තියෙනවා අද ඒ ගොල්ල විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා.දැන් ගම මට්ටමේ පාක්ෂිකයෝ පොහොට්ටුවේ රැස්වීම් වල ඉන්න නිසා දැන් ඔය ශ්‍රීලනිප නායකයන් විතරයි එන්න තියෙන්නේ.පසුගිය සාකච්ජාවලදී හොද තැනකට ශ්‍රීලනිපය ඇවිත් තියෙනවා. අපි කියන්නේ නෑ කිසි කෙනෙක් අපට ඕන නෑ කියලා.නමුත් අන්තවාදී සංවිධාන ගැන නම් අපි ප්‍රසිද්ධියේම කියනව අපට ඒවා අවශ්‍ය නැහැ කියල. නමුත් ශ්‍රී ලනිපයේ එකතු වෙන කොටස් මේ වන විට එකතු වෙලා තව දෙතුන් දෙනෙක් එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා.ඒවත් හෙට අනිද්දා වෙනකොට විසදෙනු ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීවේය.
සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සදහා වූ පොරොන්දු පත්‍රය එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හෙළි කළ බවද සජිත් වේලාසනින් වැට පැනලා ලොකු විනාශයක් කර ගත බවද ඔහු කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා කිසිම කොන්දේසියකට යටත් නොවූ බවට මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරු කියනවා. මේ නිසා ජනතාව ඉස්සරහට ඇවිත් හරි ප්‍රතිපත්තිය කියන්නැයි තමා ඔහුට කියා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීවේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා - ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රටට අවාසිදායක කිසිම ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් කරන්නේ නැහැ.දෙරාජ්‍යයටම වාසිදායක ගිවිසුම් වලට පමණයි එළඹෙන්නේ.එහිදී වෘත්තිකයන්ගේ උපදෙස් අරන් තමයි මේ ගිවිසුන් අත්සන් කරන්නේ.මේ අනුව අපි අනාගතයේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැනට මේ රජය එළැඹ තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් ගැන පවා ඒවා රටට වාසිදායක තත්වයට පත් කර ගැනීම සදහා අප නැවත සාකච්ජා කරනවා.
ප්‍රශ්නය - 2020 ආණ්ඩු හදන්නේ අපේ සහාය මත බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා.එහෙමනම් ශ්‍රීලනිප සහාය නැතුව ඔබලාට ජයගන්න පුළුවන්ද ?
බන්දුල ගුණවර්ධන මහතා - අපි 2020 ආණ්ඩු හැදීම නෙවෙයි මේ අවස්ථාවේ රට බේරා ගැනීම සදහා ඉතාම පැහැදිලිව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන විට මුළු අවධානයම යොමු වෙන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා පමණයි.එතනින් එහාට මොකද ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබන්න බැරි වුණොත්, රටේ ජනයා නිවැරදි තේරීමක් කරේ නැත්නම් මේ වෙලාවේ එතැනිනි එහාට 2020 ගැන හිතීමේ කිසි තේරුමක් නැහැ.මොකද මේ රට බේරා ගන්න පුළුවන් වෙන්නේ 2019 අවුරුද්දේ මේ ජාතික යුතුකම සහ වගකීම රටේ ජනතාව නිසි ලෙස ඉටු කළොත් පමණයි.
Views
49
2019-09-29 08:58:35
දේශපාලන පුවත්
ජනප්‍රිය පුවත්