අපට විරුද්ධව පෙනී සිටින බලවේග දැනටමත් පරාජය පිළි අරගෙන තිබෙනවා - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්





















අපට විරුද්ධව පෙනී සිටින බලවේග දැනටමත් පරාජය පිළි අරගෙන තිබෙන බව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (23) පැවසීය.

ජනාධිපතිවරණ වැඩපිළිවෙල ආරම්භ වන මේ මොහොතේ යම්කිසි දෙයක් ඉතාමත් පැහැදිලි වෙනවා. අපට විරුද්ධව පෙනී සිටින බලවේග දැනටමත් පරාජය පිළි අරගෙන තිබෙනවා. මේ අය ජනාධිපතිවරණ වැඩපිළිවෙළට අවතීර්ණ වන්නේ පරාජිත මානසිකත්වයකින්. මේ අය එළිපිට නොකිව්වත් හො`ද හැටි දැනගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරද්දන්න තියා හිතන්නවත් පුලූවන් කමක් නෑ කියලා. හරි පුදුම ගෝඨාභය භීතිකාවක් මේ අය තුළ තිබෙනවා. දේශපාලන තලයක ගෝඨාට මුහුණදී ගෝඨාව පරාජය කිරීම සිහිනයක් බව ඒ අය ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා එක එක කුමන්ත‍්‍රණ සිදු කරමින් සිටිනවා. මුලින්ම ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළා. ඒ වගේම ජනාධිපති ධූරය අහෝසි කිරීමටත් උත්සාහයක් කෙරුවා. මුලින් ජනාධිපති මැතිවරණය කල් දාන්නත් පසුව ජනාධිපති ධූරය අහෝසි කරන්නත් උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂට තිබෙන බය නිසයි. මේ කුමන්ත‍්‍රණවල අවසාන උත්සාහය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව සිරකර අත්අඩංගුවට ගැනීමටයි. ඔහු කිසිසේත්ම දේශපාලන භූමිකාවේ දී පරාජය කළ නොහැකි නිසා තමයි මේ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කරන්නේ. දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහගේ දුරකථන සංවාදය මේ දවස් වල රටටම සහ ලෝකයට අනාවරණය කෙරෙනවා.

එකම නඩුවක් සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය චෝදනා හත්දාස් ගණනක් ගොනුකර තිබෙනවා. ඒ ඇවන්ගාඞ් නඩුවයි. මේ හඬ පටය හරහා එතුමිය ම පිළිගන්නවා මේ නඩුව දැම්මේ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි කරුමක්කාර දේශපාලනය නිසා කියලා. එතුමිය කනගාටුවෙනවා ගෝඨාභ රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම සම්බන්ධයෙන්. ඊට කිසිම පදනමක් නැහැ එය සිදු කළේ හුදෙක් දේශපාලන බලපෑම නිසා පමණයි කියලා කියල එතුමිය හඬපටයේ පිළිගන්නවා. මේ හිතුවක්කාර අසාධාරණ නීති විරෝධී ක‍්‍රියාව නිසා හාරදහසකට අධික පිරිසකගේ රැුකියා අහිමිවීම පිළිබඳ වත් එතුමිය කණගාටු වෙනවා. ඉතාමත් භයානක ප‍්‍රකාශනයක් තමයි එතුමිය සිදුකරන්නේ. නීතිය හදන්නත් පුළුවන් නීතිය කඩන්න පුළුවන් කියලා ඒ හඬ ප‍්‍රකාශනයෙහි කියනවා. ඒ කියන්නේ මේ රටේ නීතිය මුල ඉදලම ආපහු ලියන්න වෙනවා. අපි මෙතෙක් දුරට විශ්වාස කළේ සහ විශ්වවිද්‍යාලවල ඉගැන්නුවේ නීතිය හදන්න පුළුවන් ආයතනය පාර්ලිමේන්තුව කියලයි. දැන් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුව අභිබවා ගිහිල්ලා තිබෙනවා. දිල්රුක්ෂි තමයි නීතිය හදන්නෙත් නීතිය කඩන්නෙත්. දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ධූරයේ සිටින කාලයේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් දහදෙනෙකුට විරුද්ධවටොප් ටෙන් කන්ඩායම සම්පූර්ණ ලේඛන සහිත ලිඛිත සාක්ෂි සහිතව නිෂ්ප‍්‍රභා කරන්න බැරි ශාක්ෂි සහිතව ලිපිගොනු ඉදිරිපත් කරා. දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ එක විමර්ශනයක් වත් ආරම්භ කළේ නැහැ. ඇයි එතුමිය නේ මේ නීතිය හදන්නෙත් නීතිය කඩන්නෙත්. දැන් එතුමියම කියනවා මේ පිටුපස දේශපාලන හස්තයක් තියෙනවා කියලා එතුමිය මේ සියල්ලම සිදු කරන්නේ තමන්ගේ හාම්පුතුන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකිරීම සඳහා පමණක් කියලා එතුමිය ම ප‍්‍රකාශ කරනවා. උසාවියේ නඩු පවරලා අහිංසක පුද්ගලයන් උසාවිය හමුවට ඉදිරිපත් කරලා දෙන්න පුළුවන් දස වද දෙන්නෙත් කරුමක්කාර දේශපාලනයයි කියලා එතුමියම කියනවා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා දිල්රුක්ෂි කියන්නේ මේ සම්පූර්ණ ප‍්‍රශ්නයම නෙවෙයි. කොටසක් පමණයි. එතුමියගේ සංවාදයෙන් සක්සුදක්සේ පැහැදිලි වන්නේ මේ රටේ සම්පූර්ණ නීති පද්ධතිය, නීතිපති නීතිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිය සම්බන්ධ නොයෙක් ආයතන නඩු පැවරීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මකවන ක‍්‍රියාපටිපාටිය පිළිබඳවයි. මේ චෝදනාව අපි හැමෝටම සිදුකරන්නේ නැහැ. නමුත් අති දුෂිත පුද්ගලයින් ඒ තත්ත්වය මෙහෙයවන බව ඉතාමත් පැහැදිලි වෙනවා. මේක දිල්රුක්ෂි ගෙන් පටන් අරගෙන දිල්රුක්ෂි ගෙන් අවසන් වන දෙයක් නෙවෙයි. අනෙක් නිලධාරීන් මීට වඩා බුද්ධිමත්ව වැඩ කරනවා සහ ඔවුන් දොඩමළු නැහැ. දුර දිග බලන්නේ නැතුව මේ වගේ දුරකථන සාකච්ඡුාවල නිරත වන නිලධාරීන් අඩුයි. හැබැයි අභිචෝදක පක්ෂය වෙනුවෙන් කටයුතු කරන අපරාධ නඩු උසාවිය හමුවට ගෙන එන අනෙක් නිලධාරීන්ටත් විශාල දේශපාලන බලපෑම් තිබෙන බව පැහැදිලියි. මේ කරුමක්කාර දේශපාලන බලපෑම් නිසා අදෘශ්‍යමාන හස්තයන් සහ මේ දේශපාලන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වන බව පැහැදිලියි. දැන් දින කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව මහේස්ත‍්‍රාත් උසාවිය නඩුවක් දැම්මා. 2005 අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු දාහතරකට කලින් සිදු වූ සිද්ධියක් පිළිබඳව තමයි මේ නඩු නිමිත්ත උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ. දිල්රුක්ෂි ඩයස් ගේ මෙම ප‍්‍රකාශයෙන් පස්සේ මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරනවද ඒ නඩු නිමිත්ත ඉදිරිපත් කළේ දේශපාලන හේතු නිසා නොවෙයි සාක්ෂි අනුව සාධාරණ ලෙස සාක්ෂි සොයලා බලලා කියලා. අර කරුමක්කාර දේශපාලනය එතෙන්ට කෙළින්ම බලපාන්නේ නැද්ද. අවුරුදු දාහතරක් මොකුත් කළේ නැහැ. මේ රජය බලයේ හිටියා අවුරුදු හතරහමාරක්. හැබැයි දැන් නින්දෙන් නැගිටලා වගේ. ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින පනස් දෙකයි. මේ මොහොත තෝරගන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව වැඩ කිරීමටයි. දැන් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මේ පිලිබ`ද ප‍්‍රකාශයක් කරලා තිබෙනවා. මහාචාර්යවරයෙක් හැටියට මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි නිදහසට කරුණු අඩංගු ප‍්‍රකාශයක් හැටියට ඉතාමත්ම දුර්වල ම ප‍්‍රකාශය මෙයයි. එතුමිය පිළිගන්නවා මේක එතුමියගෙ කටහඬ කියලා. එතුමිය මේ සංවාදයේ යෙදුණු බවත් පිළිගන්නවා. නමුත් මුළු සංවාදයම ඉදිරිපත් කරන්න කියනවා. එය විකෘති කර තිබෙන බවයි ඇය කියන්නේ. පොඩි ළමයෙක්ට උනත් මේ කියන කතාව තේරෙනවා. සංවාදයේ කුමක් වුනත් මොන කරුණු ඒ සංවාදයට ඇතුළත් වුණත් එතුමිය මේ ප‍්‍රකාශය සිදු කරලා තියෙනවා. අල්ලස් හා ¥ෂන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමිය අද මේ රටේ සොලිසිටර් ජෙනරාල්. ලෝකයේ කොහෙද එවැනි පුද්ගලයෙක් චූදිතයකු සමග මෙවැනි දුරකථන සංවාදයක යෙදෙන්නේ. සංවාදය ඇතුළත මොකක් කිව්වත් මොකක් නොකිව්වත් ඒ සංවාදයේ ම ඇති වික‍්‍රමසිංහ වහාම වැඩ තහනම් කරලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එළියට යවන්න. එය අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. විමර්ශන සිදුකළ යුතු නිසා දප්පුලම ලිවේරා නීතිපතිතුමා දැනටමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඊට අවසර ඉල්ලලා තියෙනවා. නමුත් මේ නෝනා දවසක්වත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය සම්පූර්ණ වැරදි ක‍්‍රියාවක් එතුමියට එහි දවසක්වත් ඉන්න සදාචාරාත්මක හෝ නීතිමය තත්ත්වයක් නැහැ. සොලිසිටර් ජෙනරාල් කියන්නේ වගකීම් සම්භාරයක් ඉෂ්ට කරන්න ඕනේ නිලධාරිනියක්. සොලිසිටර් ජෙනරාල් කියන නිලයට මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. ශේෂ්ඨාධිකරණයට යොමු කරන සියලූම නඩු සම්බන්ධයෙන් තෝරා ගන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කවුද කියලා තීරණය කරන්නේ එතුමිය තමයි. සියලූම සිවිල් නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැඩ සොයා බලන්නට සහ අවශ්‍ය නියෝග නිකුත් කිරීමේ බලය පැවරී තිබෙන්නේ සොලිසිටර් ජෙනරාල් වරියටයි. ඒ විතරක් නෙවෙයි උදර්පණය සම්බන්ධයෙන් සියළුම බලතල පැවරෙන්නේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි වික‍්‍රමසිංහටයි. උදර්පණය කියන්නේ අපරාධයක් කරපු අපරාධකරුවෙක් අපේ රටට ගෙන්වා අධිකරණයට යොමු කිරීමේ කාර්ය භාරයයි. එය සිදුකරන්නෙත් දිල්රුක්ෂි. දැන් මේ රජයේ කියනවා උපරිම උත්සාහ දරනවා කියලා අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන ඒමට. මේ රටේ මහා භාණ්ඩාගාරය හිස් කරපු අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ලංකාවට ගෙන ඒමට සියළුම ලියකියවිලි සිංගප්පූරු රජයට ඉදිරිපත් කළ බව යහපාලන ආණ්ඩුව ප‍්‍රකාශ කරනවා. කවුද ඒක ක‍්‍රියාත්මක කරන්නේ සහ මෙහෙයවන්නෙ. පියවරෙන් පියවර මේ කම්බ හොරා රටට ගෙන ඒමේ කාර්යය කරන්නේ කවුද දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ. මේක අදහා ගන්න පුළුවන් තත්ත්වයක් තර්කයක්ද. දවසක් නොවේ පැයක්වත් මේ අය මේ තනතුරුවල තියන්න පුළුවන්ද. අඩුම තරමේ දැනට වැඩ තහනම් කළ යුතුයි. මේ සංවාදය ම ඒ පියවර ගැනීම සඳහා සම්පූර්ණ ප‍්‍රමාණවත් සාක්ෂි සපයනවා. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා වහාම ඒ පියවර ගන්න කියලා. මේ රටේ නීතියට සාධාරණත්වයට නීති පද්ධතියට බරපතළ අහේනියක් සිදුවෙලා තිබෙනවා. යහපාලන රජය මේ රටට කරපු ලොකුම විනාශය තමයි මේ රටේ ආයතන සම්පූර්ණයෙන්ම විනාශ කරපු එක. දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මේ හැමදෙයක්ම කළේ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චය ආසනයක් ලබා ගැනීම සඳහා. හාම්පුතුන්ගේ සිත පිනවා කරන්න පුළුවන් සියලූම කැත වැඩ කරලා නීතිය හදලා නීතිය කඩලා මේ හැම දෙයක්ම සිදු කළේ ශේෂ්ඨාධිකරණ විනිශ්චය ආසනයක් ලබා ගැනීම සඳහායි. එතුමිය පමණක් නොවෙයි මෙතෙක් දුරට කොයි කොයි විදිය අසාධාරණ දේවල් සිදුවෙලා තිබෙනව ද කියලා බලන්න. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුමා.එතුමා මාස 5කට ආසන්න කාලයක් හිරබත් කෑවා’. අන්තිමට මොකද වුණේ වුනේ. කුරුණෑගල මහාධිකරණ විනිශ්චකාර තුමිය මේ නඩුව සම්බන්ධයෙන් විත්තියට කරුණු පෙන්වා දෙන්නයි කියලා කීමේ අවශ්‍යතාවක් නැහැ බැලූ බැල්මට පේනවා මූලික නඩු නිමිත්තක් උසාවියට ඉදිරිපත් කිරීමට අභිෂෝදක පක්ෂය අපොහොසත් වුණා කියලා මෙහි කිසිම හරයක් නෑ කියලා එතුමිය නඩුව විසික් කරලා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා නිදොස් කොට නිදහස් කළා. මේ අයට දරුවෝ ඉන්නව. දරුවෝ පාසල් යනවා. ඔවුන් මුහුණ දෙන තත්වය කුමක්ද. ගාමිණී සෙනරත් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්යාල ප‍්‍රධානී. චෝදනා විසිහතක් විශේෂ අධිකරණ විශේෂ නීතිය විනිශ්චයකාරවරු තුන් දෙනෙක් යටතේ සාමාන්‍ය නෙවෙයි විශේෂ වැඩපිළිවෙළක් අනුව නඩු පැවරුවා. මොකද්ද උනේ නිදොස් කොට නිදහස් කරා. ඒ විශේෂ අධිකරණය හමුවට ගෙනාපු පළවෙනි නඩුවයි. ඒ චෝදනා 27 න් එක චෝදනාවක්වත් සනාථ කරගැනීමට කර ගැනීමට නොහැකි වුණා.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව ප‍්‍රකාශ කරලා තියෙනවා රාජ්‍ය සේවයට අලූත් පත්වීම් නැහැ උසස්විම් නැහැ රජයේ නිලධාරීන්ට මාරු කිරීම් නැහැ කියන දේ. නමුත් මහා පරිමාණයෙන් මේ දේවල් සිදු වෙනවා. මේවා සම්පූර්ණයෙන්ම ඡුන්ද නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. සද්භාවයෙන් තොරව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූල නොවන ආකාරයට කටයුතු කරන සියලූම නිලධාරීන්ට එරෙහිව අපි දෙසැම්බර් මාසයේ පළමු සතිය ට පසුව ආණ්ඩුව පිහිටු වූ විට දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා. මේක තර්ජනයක් හෝ වැරදි ප‍්‍රකාශයක් නොවෙයි. තමන් සිදුකරන දේ වැරදි බව දැනගෙන මෙවැනි දේ සිදු කිරීම බරපතළ වරදක්. දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ ට වගේම තමන් කරන දේ පිළිබඳව අවබෝධයක් නැතිව දේශපාලන බලපෑම් මත සිදුකරන ක‍්‍රියාවන් පිළිබඳව සියලූම නිලධාරීන්ට ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද කතා කළේය.
Views
72
2019-09-23 10:37:57
ජනප්‍රිය පුවත්