පර්යේෂණ බුද්ධි ඒකකයේ දුම්කොළ බදුකරණය පිළිබඳ වාර්තාව එළිදැක්වේ


ජාතික ආර්ථියේ ප‍්‍රගමනයට දායකවන බලවත් ආර්ථික අංශ කෙරෙහි සැමවිටම
අවධානය යොමු කරන පර්යේෂණ බුද්ධි ඒකකය දුම්කොළ බදුකරණය පිළිබඳ එහි පළමුවැනි වාර්තාව අද (23 ) කොළඹ හිල්ටන් හෝටලයේදී
නිකුත් කළේය.

රටට ප‍්‍රගතිශීලි ආර්ථික ගමනක් සැලසුම් කිරීමේ කර්තව්‍යයේ තීරණගැනීමේ පුරෝගාමීන්වන
ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඉලක්ක කරගනිමින් වත්මන් දුම්කොළ බදු පැනවීම් පද්ධතියේ බලපෑම්වල ගැඹුරට කිඳාබසිමින්
මෙමගින් දුම්කොල බදුපැනවීම ගැන අවධානය යොමු කර ඇතැයි එම පර්යේෂණ ආයතනය කියයි.

මෙම අවස්ථාවට සහභාගිවූ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු බෙදාහැරීම් අමාත්‍ය
ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහතාය.ඔහු වෙත දුම්කොළ බදුකරණය පිළිබඳ පළමුවැනි වාර්තාව පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
ජායාරුපයෙන් දැක්වෙන්නේ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී කතා කළ අයුරුයි. පර්යේෂණ බුද්ධි ඒකකය සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් මැදවෙල සහ ලලීන්ද සුගතදාස යන මහත්වරු ඇතුළු කිහිප දෙනෙක්මෙම මෙහිදී කරුණු දක්වමින් කතා කළේය.

Views
121
2019-09-23 10:13:03
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්