සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධාන නායකයන් සමග සාකච්ජා කරයි


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා අද (09 ) යාපනයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායකයන් අතර හමුවක් ද සිදු විය.



වර්තමාන දේශපාලන තත්වය සහ ඉදිරි ජනාධිපතිවණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.



මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තම ස්ථාවරය වන්නේ ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් තුළින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබා දිය යුතු බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද ඊට සහභාගී විය.

Views
59
2019-09-09 11:00:02
දේශපාලන පුවත්