බැංකු විසින් ණය පොලිය අඩු නොකළොත් ඒ සදහා වෙනත් පියවර ගන්නවා - මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න
ශ්‍යාම් නුවන් ගනේවත්ත
රාජ්‍ය සහ පුද්ගලික බැංකු විසින් තවදුරටත් බැංකු ණය පොළිය අඩු කළ යුතු බවත් එසේ නොකළත් රජයට වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මුදල් රාජ්‍ය ඇමති එරන් වික්‍රමරත්න මහතා පැවසීය.
තැන්පතු පොළී අනුපාත අඩු කිරීමට සාපේක්ෂව බැංකු විසින් ණය පොළී අනුපාත අඩු කර නැති බවද එම තත්වය පිළිගත නොහැකි බවද මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (29) දවල් පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීවේය.
මහා බැංකුව පසුගිය කාලයේදී සිය ප්‍රතිපත්තිමය පොළී අනුපාත දෙවරකදී පදනම් අංක සියයකින් පමණ අඩු කර ඇති බවද ඇමතිවරයා කීවේය.
මේ නිසා බැංකු විසින් ණය සදහා අය කරන වෙළෙදපොළ පොළී අනුපාත අඩු කරන ලෙස තමා සියලුම බැංකු විසින් ඉල්ලා සිටින බවත් පොළී අනුපාත දු වීමේ වාසිය මහජනයාට ලැබිය යුතු බවත් ඔහු කියා සිටියේය.
මේ නිසා ණය පොළිය අඩු කිරීමට බැංකු පියවර නොගන්නේ නම් වෙනත් පියවර ගැනීමට සිදු වන බවද ඔහු කීවේය.

මහජන බැංකුවට අදාළ පනත් සංශෝධන ලබන සතියේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන අතර එමගින් මහජන බැංකුවේ ප්‍රාග්ධනය ඉහළ ගොස් මහජන බැංකුව තවත් ශක්තිමත් වනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න තවදුරටත් කීවේය.


Views
153
2019-08-29 06:40:57