කොටස් වෙළෙඳපොළ තුළ ව්‍යාජ හා නොමඟ යවන සුළු පෙනුමක්ඇති කිරීමට එරෙහිව සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් නීතිමය පියවර
2011 සැප්තැම්බර් මස 2 දින සිට සැප්තැම්බර් 29 දින දක්වා වන කාල වකවානුවේදී කොළඹ කොටස් වෙලේදපොලෙහි ලැයිස්තුගත එක්තරා සමාගමක කොටස් වල ක්‍රියාකාරී
වෙළෙඳපොළ සම්බන්ධයෙන් ව්‍යාජ හා නොමඟ යවන සුළු පෙනුමක් ඇති කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හාඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකුට එරෙහිව පසුගිය ජුලි මස 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලද බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පවසයි.

එම විත්තිකරුවන් අදාළ චෝදනා සඳහා වරදකරුවන් වුවහොත් අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ රුපියල් ලක්ෂ සියයක් නොඉක්මවන දඩයකටහෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.
ඉහත විත්තිකරුවන් විවිධ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර ආයතනවල ආයෝජන උපදේශකවරුන් වශයෙන්ක්‍රියාකරමින් 2011 සැප්තැම්බර් 2 සිට සැප්තැම්බර් 29 දක්වා වන කාලපරිච්ඡේදය තුළ ව්‍යාජ හා නොමඟ යවන සුළු ක්‍රමවේද යොදා ගනිමින් එම ආයතනවල ඇතැම් ගනුදෙනුකරුවන්ගේ මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් යොදා
ගනිමින් අදාළ සමාගමේ කොටස් සඳහා ඇණවුම් යොදා ඇත. මෙම
විත්තිකරුවන් විසින් ක්‍රියාත්මක කරන ලද අදාළ ගනුදෙනු තුළින් ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළ තුළඑම සමාගමේ කොටස් වල ක්‍රියාකාරී වෙළෙඳපොළ හා මිල සම්බන්ධව
ව්‍යාජ හා නොමඟ යවන සුළු පෙනුමක් නිර්මාණය වී ඇති අතර එමගින් 2001 සුරැකුම්පත් සහ විනිමය කොමිෂන්සභා රීතීන් හී 12 වන රීතීය උල්ලංඝනය කර ඇති බවද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කියයි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 102 සහ 113 අ වගන්ති සමඟ කියවිය යුතු 2001 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා රීතීන් හී 12 වන රීතිය ප්‍රකාරව, ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළක ව්‍යාජ හා නොමඟ යවන සුළු පෙනුමක් ඇති කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේචෝදනා ගොනුකර ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලමින් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් විත්තිකරුවන් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ 2019 අගෝස්තු මස 28 වන දින පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.


.





Views
128
2019-08-27 07:28:00