අජිත් නිවාඩ් කබ්රාල් ගැන ලියවුණු ' අපමණ මිනිසෙක් " ග්‍රන්ථය හිටපු ජනපති මහින්දට පිළිගැන්වේ


ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට “දේශ කීර්ති ලංකා පුත්‍ර” සම්මානය පිරිනැමීම නිමිත්තෙන් ඔහුගේ මෙහෙවර සහ අනාගත දැක්ම අළලා මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් සංස්කරණය කළ 'අපමණ මිනිසෙක් ' ග්‍රන්ථය හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසුගියදා (23 ) අනුරාධපුර රුවන්වැලිසෑ රදුන් අභියසදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට “දේශ කීර්ති ලංකා පුත්‍ර” ගෞරව සම්මානය ප්‍රධානය කිරීමෙන් පසු මෙම ග්‍රන්ථය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදු වූ අතර එම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නයට සහ සෙසු සම්භාවනීය ආරාධිතයින්ට එම ග්‍රන්ථය බෙදා දීමද සිදු කෙරිණි. ජායාරුපයෙන් දැක්වෙන්නේ ග්‍රන්ථයේ කර්තෘ ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් එම ග්‍රන්ථයේ පළමු පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අයුරුයි. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ද පසෙකින් සිටිති.
Views
239
2019-08-26 09:30:25