ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම අද (11) පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී.

මුලින්ම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම සිඋ වුයේ ඉන් පසුවය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

මෙම සමුළුව ටී.වී.දෙරණ ඔස්සේ සජීවීව විකාශය වෙමින් පවතියි.



Views
130
2019-08-11 13:53:09
ජනප්‍රිය පුවත්