ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කරන මහ සමුළුව අද සවස


තම ජනපති අපේක්ශ්‍ෂකයා නම් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අද (11 ) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්වේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලබයි.

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ අද සවස රට පුරා ජයඝෝෂා නංවන දිනයක් බවට පත්වන බව එම පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සමුළුව හෙට සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්විමට මේවන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින අතර ඒ පිළිබඳව එම පක්ෂ නියෝජිතයින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අද පැවත්වෙන සමුළුවේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ පස්වරුවේ සුගත ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණියේය.

එහිදී අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ අද දින ප්‍රකාශයට පත් කරන නායකයා මේ රටේ ඉදිරි ජනාධිපතිවරයා වනු ඇති බවයි.

මේ අනුව ඝෝටාභය රාජපක්ෂ මහතා එම පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නිල වශයෙන් නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Views
237
2019-08-10 15:55:48
ජනප්‍රිය පුවත්