අගෝස්තු 11 වැනිදා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික ජයග‍්‍රහණයක ඇරඹුම සනිටුහන් කරනවා - - බැසිල් රාජපක්ෂ


අගෝස්තු 11 වැනිදා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික ජයග‍්‍රහණයක ඇරඹුම සනිටුහන් කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන ජයග‍්‍රහණයන් පිටුපස තිබෙන්නේ ජනතාවගේ විශ්වාසය යැයි ද බැසිල් රාජපක්ෂ මහතා අද (08) පැවසීය.

මෙරට ලාබාලතම, ජනතාවගේ විශ්වාසය දිනූ දැවැන්තම දේශපාලන පක්ෂය වශයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය විජයග‍්‍රාහී ගමන එළැඹෙන 11 වැනිදා අරඹන බවද ඒ මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ කොළඹ කිංස්බරි හෝටල් පරිශ‍්‍රයේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ප‍්‍රථම ජාතික සම්මේලනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනවා. මෙරට ලාබාලතම දේශපාලන පක්ෂය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණයි. 2016 වසරේ නොවැම්බර් මස 02 දා අපේ පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිෂමේ පිළිගනිමින් ලියාපදිංචිය ලබා දුන්නා. පක්ෂය ලියාපදිංචි කර මාස හයක කාලයක් ගතවන විට ආසියාවේ දැවැන්තම මහජන රැළිය ගෝල්ෆේස් පිටියේ පැවැත්වීමට අපිට හැකි වුනා.ඒ වගේම මීට වසරකට ඉහතදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සියලූම පළාත්පාලන ආයතනවලට නාම යෝජනා ලබා දුන්නා. සුලූ අතපසුවීම නිසා පළාත්පාලන ආයතන කිහිපයක නාම යෝජනා ප‍්‍රතික්ෂේප වුනත්, පළාත් පාලන ආයතන 227ක බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමිවුනා. කොට්ඨාශවලින් 80%ට වඩා ප‍්‍රතිශතයක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තා.
ඒ පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලංකා ඉතිහාසයේ දරුණුම පරාජය අත් කරගත්තා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් එලෙසම අඩු ප‍්‍රතිශතයක් ඒ මැතිවරණයේදී ලබා ගත්තා. අපේ ජයග‍්‍රහණයට මුල් වුනේ ජනතාවයි. ඒ සම්බන්ධයෙන් ජනතාවට ස්තූති කරනවා. නිල වශයෙන් පක්ෂයේ නායකත්වයට පත්ව නොසිටියත් අපිට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. පක්ෂයේ පළමු සම්මේලනය 11 වැනිදා පැවැත්වෙනවා. නිල නායකයෙක් නැතිවයි පක්ෂය ඉදිරියට ගියේ. සම්මේලනයේදී අපි නිල වශයෙන් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට බාර දෙනවා. ඒ වගේම තව දින 100කින් පමණ පවත්වන්න නියමිත ජනාධිපතිවරණයට අපේ පක්ෂය ප‍්‍රමුඛ සහෝදර දේශපාලන පක්ෂ හා බලවේග සමග එක්ව තරග කරන ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සිදුවෙනවා. මේ අවස්ථාවේ සමහර දේශපාලන පක්ෂවල අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටලූ ඇති වෙලා තියෙනවා.
පක්ෂ ව්‍යවස්ථාව අනුව නිල වශයෙන් සම්මේලනයට කැදවිය යුතු අයගේ නම් ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. ඒ අයයි සම්මේලනයට විශේෂයෙන් කැදවන්නේ. ගෝල්ෆේස් පිටියේ රැළිය වැනි රැළියක් නෙවෙයි මේ පවත්වන්නේ. මේ සදහා අපිට උදව් කරපු සහෝදර දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට නිරික්ෂක කටයුතු සදහා ආරාධනා කරලා තියෙනවා. සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ ඉඩ කඩ සීමිතයි. මේ නිසා පක්ෂයට ආදරය කරන, පක්ෂය ගොඩනගන්න කැපවුනු විශාල පිරිසකට සහභාගි වීමේ අවස්ථාව අහිමිවෙනවා. ඒ ගැන කණගාටුව ප‍්‍රකාශ කරනවා.
ජනමාධ්‍ය හැම අවස්ථාවේදීම අපට මග පෙන්නුවා. අපේ අඩුපාඩු පෙන්වා දෙමින් දුන්න සහායත් අපේ ගමන සාර්ථක වෙන්න බලපෑවා. මේ විදියට පක්ෂය ගොඩනගන්න කැපවුන අය රට පුරාම ඉන්නවා. මේ සතුටුදායක අවස්ථාවේ ඒ සියලූ දෙනා සිහිපත් කරනවා.

මාධ්‍ය - සම්මේලනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළාද?
බැසිල් රාජපක්ෂ - පක්ෂයක් විදියට ආරාධනා කරලා නැහැ.ආරාධනා කලේ ඒකාබද්ධ විපක්ෂය විදියට දිගින් දිගටම කටයුතු කළ දේශපාලන පක්ෂවලට හා ගිවිසුම්ගත වුනු දේශපාලන පක්ෂවලට.පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතා සමග විපක්ෂය විදියට කටයුතු කරන මන්තී‍්‍රවරුන්ට ආරාධනා කරලා තියෙනවා.
මාධ්‍ය - එහෙනම් ශී‍්‍රලනීප හා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ජාවලට මොකද වෙන්නේ
බැසිල් රාජපක්ෂ - ආරාධනා නොකිරීම ඒ සාකච්ඡුාවලට බාධාවක් නොවෙයි කියලා අපි හිතනවා. අපි හොද චේතනාවෙන් ඒ දෙය කලේ.
මාධ්‍ය - ශී‍්‍ර ලනීප සමග සන්ධානයක් ගොඩනැගෙනවා නම් ඒ සන්ධානය ගොඩ නැංවීමෙන් පසුව ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සුදුසු බව ඔවුන් සදහන් කළා.
බැසිල් රාජපක්ෂ - ජනාධිපති අපේක්ෂකයා යෝජනා කිරීමේ බලය එ්කාබද්ධ විපක්ෂය මගින් මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබෙනවා. එතුමා ශී‍්‍රලනීප නායකත්වය සමගත් සාකච්ජා කළ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වෙලා තියෙනවා මම දැක්කා.
මාධ්‍ය - පොදුජන පෙරමුණ කෙටි කාලයකින් සාර්ථක තැනකට ආවේ ඔබගේ දේශපාලන නායකත්වයෙන්. නමුත් ප‍්‍රතිඵල නෙලා ගැනීමේ අවස්ථාව වෙනත් කෙනෙකුට පූජා කරනවා.
බැසිල් රාජපක්ෂ මහතා - අපේ පරමාදර්ශී නායකත්වයට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා. එතුමා තමයි පක්ෂය ගොඩනැගුවේ. පක්ෂය ගොඩනගන අවස්ථාවේ මම රිමාන්ඞ් භාරයේ හිටියා. පසුව මම ඒ කටයුතු ඉදිරියට ගෙන ගියා.
මාධ්‍ය - තව දින තුනකින් ජනාධිපති අපේක්ෂකයා හෙලිදරව් කරනවා. මේ දින තුන ඇතුලේ කකුල් මාට්ටුවක් දාවිද?
බැසිල් රාජපක්ෂ - ජනාධිපතිධූරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක්, දූෂණය භීෂණය නැති කරන නායකයෙක් ඉදිරිපත් වෙන්න ඕනේ. ජනතාව ඉල්ලන නායකයෙක් වෙන්නත් ඕනේ.
මාධ්‍ය - ඔය කියන ගුණාංග ගෝඨාභය රාජපක්ෂ මහතාට තියෙනවාද?
බැසිල් රාජපක්ෂ - පෞද්ගලිකව මට සහතික වෙන්න පුලූවන්. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අයිතිය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අවශ්‍යයි. රට දියුණු කරන තාක්ෂණය ගේන්න ඕනේ. ජාතික ආරක්ෂාව තහවුරු කරන කෙනෙක් වෙන්න ඕනේ.
මාධ්‍ය - පසුගියදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් එකතු කර ගන්නවාද?
බැසිල් රාජපක්ෂ - මටත් චෝදනා තියෙනවා. නමුත් මේ සිද්ධියට සම්බන්ධ බව කියන දේශපාලන පක්ෂ සමග ගණුදෙනු කරන්න අපි සූදානම් නැහැ. ඒ වගේම උලමාවරුන්ගේ පක්ෂයත් , උලමාවරුන්ගේ සංවිධානයත් දෙකක්. අපි පක්ෂයත් එක්කයි කටයුතු කරන්නේ. මොනම ආකාරයකින් හෝ ත‍්‍රස්තවාදයට , වර්ගවාදයට උදව් කරන දේශපාලන පක්ෂ සමග සංධාන වෙන්නේ නැහැ.
මාධ්‍ය - ඔබගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත්තා කියනවා.?
බැසිල් රාජපක්ෂ - අයින් කර ගත්ත කෙනා අයින් කර ගත්තේ නැහැ කියනවා. අයින් කර ගත්තේ නැතිි කෙනා අයින් කර ගත්තා කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා නම් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තියෙනවා.
මාධ්‍ය - ශී‍්‍රලනීපය වෙන අපෙක්ෂකයෙක් ඉදිරිපත් කලොත් ගැටලූවක් නෙවෙයිද ?
බැසිල් රාජපක්ෂ - අපේ පක්ෂය ආරම්භ කරපපු අවස්ථාවේත් ඔහොම කිව්වා. ජනතාවගේ තීන්දුව වෙනස් වුනා. ශී‍්‍ර ලනීපය එක්ක එකතු වුනා කියලා දිනන්නෙත් නැහැ. එකතු නොවුනා කියලා දිනන්නේ නැතිව ඉන්නෙත් නැහැ. ගිය මහ මැතිවරණයේ දෙගොල්ලේ එකතු වෙලා තිබුණු ඡන්ද ටිකත් අඩු වුනා. ශී‍්‍ර ලනීපය කියන්නේ ප‍්‍රබල ඡුන්ද තියෙන තැනක්. අන්තවාදී ජාතිවාදි නොවන පක්ෂ සමග එකතු විය යුතුයි කියලා අපි හිතනවා.
මාධ්‍ය - ශී‍්‍රලනීපය ඔබලා ඉදිරිපත් කරන අපෙක්ෂකයාට කැමැති නොවුනොත් ?
බැසිල් රාජපක්ෂ - එකතුවක් වෙන එකක් නැහැ.
මාධ්‍ය - ඔබලාගේ රජයක් යටතේ ජාත්‍යන්තර සබදතා පැවැත්වීම වෙන්නේ මොන විදියටද?
බැසිල් රාජපක්ෂ - ජාත්‍යන්තර සබදතා පුලූල් වෙන්න ඕනේ. නමුත් අපේ ස්වාධීනත්වය ස්වෛරීභාවය පාවාදෙන්න සූදානම් නැහැ. එ්වා ආරක්ෂා කර ගනිමින් නොබැදි පිළිවෙතක් ගෙනියන්නයි අපිට අවශ්‍ය. ලෝකේ කුණු ගෙනත් දාන රටක් කරලා තියෙන්නේ. ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් ආඩම්බර ජාතියක් විදියට ඉදිරියට යන්න අවශ්‍යයි. වෙනදා නොවූ විදියට ජාත්‍යන්තර සබ`දතා අපේ රජය ඇති කරගනියි. අපි මානව හිමිකම් කොමිෂමට යන්නත් මේ වෙද්දි සූදානම්.
මාධ්‍ය - එ්කාබද්ධ විපක්ෂයේ ඇතැම් පක්ෂ නායකයින් ගෝඨාභය රාජපක්ෂ දරුණු නායකයෙක්් කියනවා. ඔහු සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න පුලූවන්ද?
බැසිල් රාජපක්ෂ - එතුමා හොද කළමණාකරුවෙක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් කියලා මට විශ්වාසයි.
මාධ්‍ය - හිටපු ජනාධිපතිනිය සහාය දෙන බව කියනවා.
බැසිල් රාජපක්ෂ - අන්තවාදී සහ ත‍්‍රස්තවාදී ඝනයට එතුමිය අයිති වෙන්නේ නැහැ.
මාධ්‍ය - කදුරට ජනතාවගේ ඉල්ලීම් බොහෝමයක් තිබුණා. තවමත් ඔවුන්ට විසදුමක් නැහැ.
බැසිල් රාජපක්ෂ - අපි රටක් විදියට විසදුමක් දෙන්න ඕනේ ප‍්‍රශ්නයක්. ආර්ථික හා යටතල පහසුකම් වැඩියෙන්ම සකස් කලේ මහින්ද රාජපක්ෂ සමයේදීයි. භූමිය පිළිබද ගැටලූව ඇරෙන්න අනෙක් සියලූ ගැටලූ අපි විසදුවා. සමස්ත ආර්ථිකය කළමණාකරණය කිරීමේ නොහැකියාව තියෙන මේ ආණ්ඩුව යටතේ එ් ජනතාව අසීරුතාවයට පත්වෙලා. අපේ ප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව මේ ප‍්‍රහ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල් පීරිස් මහතා සහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාද මේ අවස්ථාවට එක් වූහ.
Views
131
2019-08-08 14:33:52
ජනප්‍රිය පුවත්