ආචාර්ය බන්දුල ගුණවර්ධන රචිත ග්‍රන්ථ පහක් හෙට එළිදැක්වේ


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට දශක හතරක් සපිරීම නිමිත්තෙන් ' හදුනාගත්තොත් ඔබ මා ' මැයෙන් සංවිධානය කළ උත්සවය හෙට (05 ) සවස 4.00 ට හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරේ.

ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිව් දශක ශ්‍රී ලාංකේය දේශපාලන භුමිකාවේ අතීතාවර්ජනය සිදු කිරමේ අරමුණින් මෙය සංවිධානය කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථ සංසදය විසිනි.

මේ උත්සවයේදී ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින් රචිත ග්‍රන්ථ පහක් ජනගත කිරීමද සිදු කෙරේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විලංගු, ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපනයෙහි හැරවුම් ලක්ෂ්‍ය ( තාක්ෂණවේදය),ත්‍රස්ත වූ රාජ්‍යයක රත්පැහැ ගැන්වූ ආර්ථිකය,මුල් ළමාවිය අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් සහ ගණිතය - ජීවිතය අසමත් ! යන මැයෙන් මේ ග්‍රන්ථ රචනා කර ඇත.
Views
47
2019-08-04 04:55:02
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්