ඒසීල් ෆයිනෑන්සියල් මාර්කට්ස් ඇෂෝසියේසන් සංවිධානයේ 58 වැනි ලෝක සමුළුව අගෝස්තු මාසයේ කොළඹදී


ශ‍්‍රී ලංකා ෆොරෙස්ක් සංගමය මෙවර සත්කාරකත්වය සපයන ලොව සුපතල ඒසීල් ෆයිනෑන්සියල් මාර්කට්ස් ඇෂෝසියේසන් සංවිධානයේ 58 වැනි ලෝක සමුළුව අගෝස්තු මස 3 දා සිට 5 දා දක්වා කොළඹදී පැවැත්වෙයි.

මෙම ලෝක සමුළුවට බලවත් මුල්‍ය වෙළඳපල වෘත්තිකයන්, කලාපීය වශයෙන් සේවා ඉටුකරන නියාමන බලධාරීන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ප‍්‍රවීන
සංකල්ප නායකයන් , ආයෝජකයන් සහ ආයතන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය. ඔව්හු මෙහිදී ”නව සුසමාදර්ශයේ වෙළෙඳපල භූමිකාව සොයාගැනීම ” යන මේ වසරේ තේමාව යටතේ සාකච්ජා පවත්වති.

මෙම සමුළුවේ පූර්ණ සැසියේ සාකච්ජා සඳහා ව්‍යාප්ත විෂයයන් මෙහෙයවනු ලබන්නේ මුල්‍ය වෙළෙඳපල ක්‍ෂෙත‍්‍රයේ නායකයන් විසිනි. ආසියාව සහ නව සේදමාවත , ක‍්‍රිප්ටෝ මුදල , Blockchain and other Fintech නවෝත්පාදන /බෙදාහැරීම , AI and Machine Learning, BIX FX Global Code
සහ වසර 2020 සහ ඉන් ඔබිබට ලෝක වෙළඳපොල අපේක්‍ෂාවන් සම්බන්ධයෙන් ඔව්හු අදහස් පළ කරති.මෙම කලාපයේ මුල්‍ය වෙළඳවලවල්වල ශ‍්‍රී ලංකාව ඉටුකිරීමට බලාපොරොත්තුවන ගාමක භූමිකාව ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවට දොරටුව මැයෙන් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ජා කෙරේ.


ACIFMA සභාපති බෲනෝ ලැන්ග්ෆ්‍රට්ස් මැතදී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සමුළුව සඳහා
විධිවිධාන යෙදීම පිණිස ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේය. ඔහු කියා සිටියේ අපගේ සංවිධානයේ වැදගත්
සිදුවීමක් වන මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම ගැන මහත්සේ සතුටට පත්වන බවයි.
මෙමගින් මෙම මනස්කාන්ත දිවයිනෙහි සුන්දරත්වය විදහා දැක්වීමක් පමණක් නොව ශ‍්‍රී ලංකාව මෙම කලාපයේ මුල්‍ය
වෙළඳපලවල්වල එය ඉටු කිරීමට උත්සාහ දරන වැදගත් කාර්යභාරයද පෙන්වයි. මාගේ
දෘෂ්ටිකෝණයෙන් බලන විට එය අනාගතයේදී කලාපීය මුල්‍ය වෙළඳපලවල්වල ඉතා වැදගත් ගාමක
බලවේගවලින් එකක්වෙයි. වෙළඳපල සංවර්ධනයට දායක වන සමස්ත මුල්‍ය වෙළඳපල වෘත්තිකයන්ගේ
පෙරමුණේ පසුවන ජාත්‍යන්තර සංගමය වශයෙන් මෙම සමුළුවට සහභාගිවන ලොව සුපතල
දේශකයන්ගේ දායකත්වය නිසා මෙම සමුළුව බෙහෙවින් ප‍්‍රතිඵලදායක වන බව මට නිසැකය

ශ‍්‍රී ලංකා ෆොරෙස්ක් සංගමයේ සභාපති කේ. සංඛ සී පෙරේරා මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය.

පසුගිය මාසවල ලත් කටුක අත්දැකීම්වලින් මිදී ඉදිරියට යාමට ශ‍්‍රී ලංකාව උත්සුකව කටයුතු කරන මෙම අවස්ථාවේ
ශ‍්‍රී ලංකාවේ රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත‍්‍රණ ,සහ ප‍්‍රදර්ශන අංග ඇතුලත් සංචරණයද ව්‍යාපාරික
කටයුතු සඳහා විවෘත බව විශේෂයෙන් ගෙනහැර දැක්වීමෙන් රටට විපුල ඵලප‍්‍රයෝජන අත්වේ. මෙම
සමුළුවේ ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත්
කුමාරස්වාමි මහතා විසිනි. ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද
සිල්වා , Legal FS Regulatory and Compliance Services and PWC ආයතනයේ ප‍්‍රාග්ධන වෙළඳපළඅංශයේ ප‍්‍රධානි ආචාර්ය මාර්ටින් ලිබෙයි ,හොංකොං විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ ආර්ථික විද්‍යා අංශයේ සහායක මහාචාර්ය ආචාර්ය ටුවාන් කිව් ෆාන් , ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බැංකුවේ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥ ඬේවිඞ් මෑන්, යුනයිටඞ් ඕවර්සීස් බැංකුවේ ජාත්‍යන්තර ආර්ථික කටයුතු සහ වෙළඳපල පර්යේෂණ පිළිබඳ විධායක අධ්‍යෂ ටෙක් කින් , ඒෂියා පැසිපික් ඩොයිසෙ බෑන්ක් හි කළමනාකාර අධ්‍යක්ෂ , ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ පර්යේෂණ අංශ ප‍්‍රධානි ආචාර්ය මයිකල්ස්පෙ න්සර් ,සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යක්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශයේ
උපදේශක සහලෝක ආර්ථික සංසදයේ නවෝත්පාදන පරිසර පද්ධති පිලිබඳ ජගත් කවුන්සලයේ සාමාජික අනුෂ්ක විජේසිංහ සෙසු කෘතහස්ත දේශකයෝ වෙති .

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
194
2019-07-23 16:32:20
ජනප්‍රිය පුවත්