අන්තර්ජාල ක්‍රියාකාරීන් මඩින්නට රජය මගින් වැඩපිළිවෙලක් -ශ්‍රී ලංකා පරිවර්තන සමූහය

සමාජ මාධ්‍ය හා අන්තර්ජාල ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට රජය විවිධ ආකාරයෙන් කටයුතු කරන බවට අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස මින් පෙර අවස්ථා ගණනකදී ජනතාව දැනුවත්කිරීමට කටයුතු කල අතර විශේෂයෙන්ම

1. පාස්කු ප්‍රහාරයත් සමගම සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට Deep Packet Inspection වැනි අන්තර්ජාල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන තාක්ෂණ මෙවලම් කිසිදු නීතිමය රාමුවකින් තොරව භාවිතා කිරීම ( අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත රැගෙන යන Packets වල අඩංගු දත්ත මොනවාදැයි පරික්ෂා කිරීම)

2. සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමේදී විදුලි සංදේශන කොමිෂන් සහාව ඔවුන්ගේ රෙගුලාසිවලට පිටින් අන්තර්ජාල සේවා සපයන සමාගම් හට සමාජ මාධ්‍ය අඩවි වලට පිවිසීම අවහිර කිරීමට නියෝග ලබාදීම (හදිසි නිතිය පැනවීමට පෙර සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට කටයුතු කිරීම)

3. කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අඩුපාඩු රැසකින් යුත් සයිබර් ආරක්ෂණ පනතක් රැගෙන ඒම වැනි ක්‍රියාවන් ඒ අතර වේ.

තවද පසුගිය දිනවල මීගමුවෙන් සොයාගැනීමට හැකිවූ Click Farm මධ්‍යස්ථානය වැනි මධ්‍යස්ථාන කිහිපයක් රජය සතුව පවතින බවට අප වෙත නිල නොවන ආකාරයට දැනගැනීමට හැකිවුන අතර මෙවැනි මධ්‍යස්ථාන භාවිතාකොට සමාජ මාධ්‍යවල සිටින ක්‍රියාකාරී පුද්ගලයන්ගේ ගිණුම් වාර්තාකොට ලෙහෙසියෙන්ම සමාජ මාධ්‍ය අඩවියන්ගෙන් ඉවත්කිරීමට හැකි අතර සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී පුද්ගලයෙක්ව සිටි ඉරාජ් නම් ගායකයාගේ නිල ෆේස්බුක් පිටුව Unpublished වී ඇත්තේ මෙලෙස Click Farm මධ්‍යස්ථාන මගින් සිදුකරන ලද විශාල වාර්තාකිරීම් වල ප්‍රතිපලයක් ලෙස බවත් හදුනාගැනීමට හැකිය.

කෙසේ නමුත් අන්තර්ජාලය මඩින්නට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් 2019 ජූනි 18 වනදා පාර්ලිමේන්තුවට ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට අප සමූහයට හැකිවුන අතර එම අවස්ථාවේදී

A. අන්තර්ජාලය තුල ඕනෑම පුරවැසියෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ තම පෞද්ගලිකත්වය රැකගැනීමට ඇති අයිතිය පිළිගන්නේද ?

යන ප්‍රශ්නය රජයෙන් විමසු අවස්ථාවේදී එම අයිතීන් කඩ නොකරන බවට පිළිතුරු ලැබුනත් එම පිළිතුර ක්‍රියාවෙන් නොව වචන වලට පමණක් සීමාවී ඇති බවක් අද වනවිට දක්නට ලැබේ.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Views
111
2019-07-07 08:59:35
දේශපාලන පුවත්