මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ බටහිර ආරක්ෂක ආඥාපති ධුරයට


ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රේජිමෙන්තුවේ අධිපති ධුරයට සහ බටහිර ආරක්ෂක ආඥාපති ධුරයට මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා පත් කර ඇත.

මේජර් ජනරාල් මුදලිගේ මහතා අම්පාර මල්වත්ත 24 සේනාංකාධිපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේය.

ජුලි 06 දින සිට බලපැවැත්වෙන පරිදි පාබල රේජිමෙන්තුවේ අධිපති ධුරයට පත්ව සිටින මේජර් ජනරාල් මුදලිගේ මහතා රිවිරැස, ඉදිරිපිම්ම, ඇතුළු උතුරේ සිදු කළ සියලු මෙහෙයුම් සඳහා සහභාගි වී ඇති අතර යුද ජයග්‍රහණය ලැබූ මානුෂීය මෙහෙයුම සඳහා ද සහභාගි විය.

ඔහු මහනුවර, දිගන ඇතුළු ප්‍රදේශවල කලබල ඇති වූ සමයේ නැඟෙනහිර මුස්ලිම් පිරිස් විසින් හර්තාල් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සියලු පාර්ශ්වයන් එකතු කර ඒවා සමනය කිරීමටත් අවශ්‍ය වුවහොත් හමුදාවට කටයුතු කිරීමට සිදුවන බව පවසා නැඟෙනහිර ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කළේය.

එසේම පසුගියදා සයින්දුමරින්දුහිදී සහරාන්ගේ නිවසේ බෝම්බ පුපුරවා ගත් අවස්ථාවේදී සේනා මෙහෙයවමින් කිසිවකුට අනතුරක් සිදු නොවන ලෙස එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කළේද මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාය.
මහින්ද මුදලිගේ මහතා ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවෙකි.
අදහස්
Views
162
2019-07-07 02:04:24
කාලීන පුවත්