ආණ්ඩුවේ පෙළපොත්වල රටේ නීතියට පවා පටහැනි ගල් ගසා මැරීම සහ අත කැපීම වැනි ඉස්ලාම් දඩුවම් ඇතුලත් කරලා - සිසිර ජයකොඩි




ආගමකට ගියහොත් මරණීය දණ්ඩනය ලබා දීම මෙන්ම , ගල් ගසා මරා දැමීම ,අත කැපීම සහ කස පහර වැනි දඩුවම් අපේ රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ඉස්ලාම් ධර්ම ග්‍රන්ථවල සදහන් වන බවත් මේ දඩුවම් අපේ ශ්‍රී ලංකාවේ නීතියට පටහැණි දඩුවම් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (23 ) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

රටේ නීතියට පවා පටහැණි මෙවැනි ඉස්ලාමීය දඩුවම් මෙරට රජය මගින් ප්‍රකාශ කරන අධ්‍යාපන ග්‍රන්ථවලට ඇතුලත්ව තිබීම ගැන වහාම අධ්‍යාපන ඇමතිවරයා සොයා බලා ඒවා ඉවත් කිරීමට පියවර ගත යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙවැනි දඩුවම් අධ්‍යාපන පෙළ පොත් වල අඩංගු බවට පාර්ලිමේන්තු ත්රීම් කාරක සභාව හමුවේද හෙදරව් වූ බවද ඔහු කියා සිටියේය.

උදාහරනයක් වශයෙන් සොරකම් කිරීම ඔප්පු වුවහොත් ඊට දඩුවම ලෙස ඇත කපා දැමීම මේ ග්‍රන්ථවල සදහන්ව ඇති බවද සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කීවේය.
මෙහිදී කතා කළ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේ තමා අධ්‍යාපන ඇමතිවරයා සිටියදී මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොලැබුණු බවයි.

වර්තමාන පාසල් පෙළ පොත්වල මෙවැනි ඉස්ලාමීය දඩුවම් ගැන සදහන්ව ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ පවා හෙළිදරව් වී ඇති නිසා මේ ගැන සොයා බැලීමට අධ්‍යාපන ඇමතිවරයා වහාම කමිටුවක් පත් කර, ඒ ගැන සොයා බලා ඒවා නිවැරදි කිරීමට පියවර ගත යුතු බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

මේවා කිසිවෙක් කතා නොකරන බවත් මද්‍රසා පාසල් තහනම් කළ යුතු බව කියා සිටියේ තමා පමණක්බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.
Views
163
2019-06-23 09:34:31