ෆේස්බුක් අඩවිය හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම වැලක්වීමට ෆේස්බුක් පියවර ගනී
මුස්ලිම් ජනයා අරභයා සමාජ මාධ්‍ය අඩවි හරහා විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකට කිහිප වතාවක්ම පිවිසීම අවහිර කිරීම පදනම් කර ගනිමින් ෆේස්බුක් ආයතනය එවැනි ප්‍රකාශන යළි ෆේස්බුක් අඩවියෙහි පළ නොකිරීමට සහ පණිවිඩ හරහා හුවමාරු කර ගැනීම වැළැක්වීමට නවතම පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

ඒ බව ෆේස්බුක් ආයතනයේ නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත පවසා සිටි බවද එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා කියයි.

මේ සදහා වෙනම කණ්ඩායමක් පවා මේ වන විට ස්ථාපිත කොට ඇති බවට ඔවුන් විසින් තමන් වෙත සදහන් කරනු ලැබු බවද ඔහු පවසයි.

තවද මෙම කණ්ඩායම ප්‍රධාන කරුණු තුනක් අරමුණු කරගනිමින් ස්ථාපිත කර ඇති බවත් ඒවා නම් ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීමට, මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරය වීම අඩු කිරීම හා මානසික ආතතීන් අඩු කිරීමට යොදා ගතහැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිලිබදව විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම සහ ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින පෝස්ටු පිළිබදව ජනතාව දැනුවත් කිරීමට හා වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීම යන කරුණු බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

මෙම අරමුණු සඵල කරගැනීම සදහා ෆේස්බුක් තම භාෂාමය ගැටළු විසදා ගැනීම සදහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් බව ප්‍රකාශ කර සිටියි.මෙසේ වෛරී ප්‍රකාශන හදුනාගැනීමට ෆේස්බුක් ආයතනය නව තාක්ෂනයක් භාවිතා කිරීමට කටයුතු කරන බවත් මැසෙන්ජර් සංවාද යෙදුමෙහි පණිවිඩය ෆෝවර්ඩ් කිරීමට ඇති හැකියාව සිමාවෙනු ඇත.පසුගිය මාස කිහිපයේ ලැබුණු වාර්තා වලින් සියයට 65.4 ක් පමණ පෝස්ටු හා ගිණුම් ඉවත්කිරීමට කටයුතු කළ බව ඔවුන් සදහන් කරනු ලැබුවා.තවද පාස්කු බෝම්බ ප්‍රහාර දිනයේ දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් තමන් ආරක්‍ෂිත යැයි සහ තම ආදරණීයන් සුරක්ෂිත යැයි තහවුරු කිරීමට ෆෙස්බුක්හි ආරක්‍ෂිත පරික්ෂාව භාවිතා කර ඇති බවත් ෆෙස්බුක්හි අර්බුද ප්‍රතිචාර මෙවලම් භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන් උපකාර ලබාදීමටත් ලබාගැනීමටත් කටයුතු කර ඇති බව ෆේස්බුක් ආයතනයේ නියෝජිතයා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත පවසනු ලැබු බවද එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා තවදුරටත් කියයි.

මේ අතර සිංහල ජාතියට සහ බුදු දහමට එරෙහි වෛරී ප්‍රකාශන හුවමාරු වීම ෆේස්බුක් අඩවියෙහි තවමත් නිදහසේ සිදු කෙරෙන බවත් මේ ගැන එම අඩවිය නොසලකන්නේ මන්ද යන්න ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකාවේ බොහෝ ෆේස්බුක් පරිශීලකයෝ ප්‍රශ්න කරති.





Views
173
2019-06-23 05:01:11
කාලීන පුවත්