මහින්දගේ ආශීර්වාදයෙන් ගෝටා ඉදිරි ජනාධිපතිවරණයට එනවා - බන්දුලගෙන් හෙළිදරව්වක්


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නිල වශයෙන් නම් කිරීම අගෝස්තු මාසයේ සිදු කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද උදේ (23 ) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී හෙළි කළේය.

මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂව තම කණඩායමේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවත් ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ආණ්ඩුවේ අයට විශාල ගෝඨා බියක් ඇති වී ඇත්තේ මේ නිසා බවද ඔහු කීවේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම අගෝස්තු මාසයේදී දී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුවේදී සිදු වන බවත් එය බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාව බවත් බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ දිනන ජානාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පමණක් වන අතර ඔහු විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ නම තවමත් හෙළි කර නොමැති බව මෙහිදී මාධ්‍ය විසින් ප්‍රශ්න කළ විට එයට පිළිතුරු ලෙස බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ තමා පක්ෂයේ නිල ප්‍රකාශකයා නොවන බවත් එය නිල වශයෙන් ප්‍රකාශ කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ඇති බවත්ය.

රටේ මතය ඒ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළ යුතු බව යැයි ද මන්ත්‍රීවරයා කියා
සිටියේය .

මේ නිසා අද ආණ්ඩුවේ යට ගෝඨාභය රාජපක්ෂ කියන නම ඇසු පමණින් භුමි තෙල් ගෑවුණු ගැරඩින් මෙන් දගලන්නට පටන් ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් පැවසෙනවා නේදැයි මෙහිදී මාධ්‍යව්ද්‍යෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ තුන් කොන් සටනකට ඉඩ නොතියන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කර ඇති බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද කතා කළේය.
Views
216
2019-06-23 04:05:21
ව්‍යාපාර පුවත්
ජනප්‍රිය පුවත්