බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති මාලාවේ සමුළුවට නිවාඩ් කබ්රාල්


චීන රජයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති මාලාවේ හොං කොං රජයේ මූලිකත්වය පිළිබදව කලාපීය නායකයන්ගේ අදහස් හුවමාරු කෙරෙන සම්මේලනයක්
පසුගියදා හොං කොං නගරයේදී පවත්වන ලදි. එය සංවිධානය කර තිබුණේ හොං කොංහි විශාලතම විශ්ව විද්‍යාලයක් වන හොං කොං පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය මගිනි. එම සම්මේලනයට ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා “සාකච්ඡා මූලිකයෙක්” ලෙස සහභාගී වුණි.
එම සම්මේලනයේ අනිකුත් සාකච්ඡා මූලිකයන් වූයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් කමිටුවේ සභික හයිඩි චුයි මහත්මිය, හොං කොං හි චීන වෙළද සංගමයේ සභාපති මයිකල් රොස් මහතා, සහ බෑන්ක් ඔෆ් චයිනා උප ප්‍ර‍ධාන විධායක නිලධාරී වෑන් බින්ග් මහතා යන අයය. සම්මේලනය මෙහෙයවන ලද්දේ හොං කොං පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨයේ මහාචාර්ය හයිෂියං ලු මහතා විසිනි. ජායාරුපයෙන් දැක්වෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම සමුළුවට එක්ව සිටි අයුරුයි.
Views
696
2019-06-10 11:11:20