92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල 138 දක්වා වැඩි වේ

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් තුනකින් වැඩි කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව සිල්ලර මිළ රුපියල් 138 ක් වේ.

මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබෙන බවද එම තත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිබෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යංශය කියයි.

මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවද එම අමාත්‍යංශය කියයි.

පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාරිබෝගික ජනතාවට සහන සළසනු වස් දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි කළේ නැති බවද මුදල් අමාත්‍යංශය තවදුරටත් කියයි.

Views
67
2019-06-10 10:50:41