සයිබර් ආරක්ෂණ පනත” පිළිබදව ඉල්ලීම් කිහිපයක් තොරතුරු තාක්ෂණ ඇමතිට

ඩිජිටල් අමාත්‍යවරයා වෙත “සයිබර් ආරක්ෂණ පනත” පිළිබදව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී.පෙරේරා අමාත්‍යවරයාගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සමග විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (03) පැවති අතර මෙහිදී මතභේදයකට තුඩුදුන් සයිබර් ආරක්ෂණ පනත පිලිබදව මූලික වශයෙන් සාකච්ඡා කිරීමක් සිදුවූ බවත් එහිදී ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දත්ත ආරක්ෂණ පනතක් සම්පාදනය කිරීම , සයිබර් ආරක්ෂණ පනතෙහි සිංහල භාෂාමය පිටපත හැකි ඉක්මනින් සකස් කිරීමට කටයුතු කිරීම සහ දත්ත පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම යන
මූලික ඉල්ලීම් කිහිපයක් ලිඛිතව ඇමතිවරයාට ලබාදෙන ලද බවද එම සමූහය කියයි.


මේ කරුණු පිළිබදව ඇමතිවරයාව වැඩිදුරටත් දැනුවත් කළ බවද සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට යොදාගත් Deep Packet Inspection මගින් අන්තර්ජාල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන බලපෑම හා ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම පිළිබදවද මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය මගින් අමාත්‍යවරයාව දැනුවත් කළ බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
Views
48
2019-06-03 10:10:15
කාලීන පුවත්