මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් වෙති


ආණ්ඩුවේ සිටින මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද (03) පැවසීය.

අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව අද සවස සඳහන් කළේය.

අග්‍රමාත්‍යවයරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රවුෆ් හකීම් මහතා කියා සිටියේය.
Views
68
2019-06-03 09:47:55
දේශපාලන පුවත්