අත්අඩංගුවේ සිටින කුරුණෑගල දොස්තරට බිලියන ගණනක දේපොළ


කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා සතුව රුපියල් බිලියන ගණනක දේපළක් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.

කුරුණෑගල හා ඒ අවට ප‍්‍රදේශවල පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 17 කට අයත් ඔප්පු පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඉපැයූ ආකාරය හෙළිකළ නොහැකි අසීමිත දේපළක් සන්තකයේ තිබීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව මත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 24 වැනි සිකුරාදා රාත‍්‍රියේදීය.

කුරුණෑගල ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් වෛiවරයා කුරුණෑගල පොලිසියට රැුගෙන ගොස් ප‍්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා පැය 72 ක අධිකරණයේ රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි.

අයථා ලෙස දේපළ ඉපයීම සම්බන්ධයෙන් මෙන්ම සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලදී වඳභාවයට ලක්කිරීම සහ අලූත උපන් දරුවන් වෙනත් කාන්තාවන්ට විකිණීම සම්බන්ධයෙන්ද වෛi ෂාෆි ෂෙහාබ්දීන් මහතා වෙත චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබූයේ ඉකුත් 24 වන සෙනසුරාදාය. ඒ අනුව කොළඹින් ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් වෛiවරයා තම භාරයට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැුගෙන යනු ලැබීය.

වෛi ෂාෆි ෂෙහාබ්දීන් මහතා ඉකුත් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයෙන් එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කරනු ලැබීය.

මැතිවරණයට තරග කිරීමට රජයේ සේවයෙන් හෙතෙම ඉල්ලා අස්වූ අතර පරාජයෙන් පසුව ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනුමත කරගෙන වෛiවරයාව යළිත් කුරුණෑගල රෝහලට පත්කරනු ලැබ ඇති අතර හෙතෙම දරු ප‍්‍රසූත වාට්ටුවටම පත්වීම ලබාගෙන ඇත.

2015 වසර වනවිට වෛi ෂාෆි ෂෙහාබ්දීන් මහතා සිසේරියන් සැත්කම් 8000 ක් කළ බවට රෝහල් බලධාරීන් හමුවේ පිළිගෙන ඇති අතර යළි රෝහලට පත්ව පැමිණි දා සිට මේ දක්වා වසර 03 ක කාලයක් තුළ දහස් ගණනක් සැත්කම් සිදුකර ඇති බවට පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

එමෙන්ම දරු ප‍්‍රසූතියට කුරුණෑගල රෝහලට ඇතුළත් කළ මවකගේ ඇඳඉහපත් වාර්තා වෙනස් කර වෙනත් නමක් ඇතුළත් කර ඇගේ දරුවා වෙනත් පවුලකට ලබාදීමට මෙම වෛiවරයා සම්බන්ධ බවට රෝහලේ සිදුකළ පරීක්‍ෂණයකින් තහවුරු වී ඇත. අදාළ පරීක්‍ෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර ඇති නමුත් මෙතෙක් ඒ පිළිබඳ අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු





Views
265
2019-05-27 04:37:26