අත්අඩංගුවට ගත් වෛද්‍ය සාෆි රහස් පොලිස් භාරයට
වත්කම් සම්බන්ධ සිදුවීමට අදාළව කුරුණෑගලදී අත්අඩංගුවට ගත් සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් වෛද්‍යවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

සිසේරියන් සැත්කම් 8000 ක් පමණ සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඉකුත් 24 දින රාත්‍රියේදී පොලිස් අත්අංඩගුවට ගත්තේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මොහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් 2015 මහමැතිවරණයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයෙක්ද විය.

ඊයේ රාත්‍රි 10ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත.
Views
113
2019-05-25 17:00:12
කාලීන පුවත්