බෝම්බ ප්‍රහාරයෙන් පසු විවිහා අන්ශවල ප්‍රශ්න හදුනාගන්න ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් පිහිටුවන්න - බන්දුල ගුණවර්ධන

පසුගිය බෝම්බ ප්‍රහාරයෙන් පසු මුළු රටේම කටයුතු ඇණහිටින තත්වයට පත්ව ඇති නිසා විවිධ අංශවල ප්‍රශ්න සහ දුක් ගැනවිලිවලට සවන් දීම සදහා දිනපතාම ක්‍රියාත්මක වන ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් පිහිටුවන ලෙස රජ්රජයෙන් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

ආර්ථිකයේ සෑම අංශයකම විවිධ ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන බවත් ඒ ප්‍රශ්න සහ ජනතාවගේ දුක අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට දිනපතාම කීමට පටන් ගෙන ඇති බවද එහෙත් එම ප්‍රශ්නවලට විසදුම් ලබා දිය හැකි වන්නේ රජයට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පණගැන්වීම සදහා ජනතාව තුළ ඇති බිය හා සැක නැති විය යුතුයි.එහෙත් තවමත් රටේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන ජනයාට විශ්වාසයක් ඇති කිරීමට රජය අසමත් වී ඇති බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මසක් ගත වීමෙන් පසුවත් රටේ ජාතික ආරක්ෂාව සැලසීම සදහා නිසි වැඩපිළිවෙලක් නොමැති තත්වය හමුවේ ගිය වසරේ (2018 ) සියයට 3.2 දක්වා අඩු වී තිබු ආර්ථික වර්ධනය මේ වසරේදී (2019 ඍන විය හැකි බවද ඔහු කීවේය.

රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩපණ වීම මේ තත්වයට හේතුව බවද අද මුළු රටම ඇණහිට ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතාද මෙහිදී කතා කළේය.
Views
58
2019-05-21 16:34:03
දේශපාලන පුවත්